IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොල් සංවර්ධනයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්

(කේ. බුද්ධික කුමාරසිරි)

පොල් සංවර්ධන මණ්ඩලයට අයත් සේවක අර්ථසාධක මුදල් ලක්ෂ හත්සියයක (කෝටි 7)  ක මුදලක් වංචා කිරීමට සහය පල කර අධිකාරී වගකීමක් පැහැර හැරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය මගින් අත් අඩංගුවට ගත් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා යන අය හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රා ත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.

එම සැකකරු චෙක්පත් සදහා මුල් අත්සන් කරැ ලෙස තම අත්සන යෙදීමට පෙර නිවරැදි පුද්ගලයින් වෙත එම චෙක්පත් යොමු වෙනවාද එම චෙක්පත් වල නම් සදහන් පුද්ගලයින් කවුරැන්ද යන්න සොයා බැලීම රාජකාරිමය වගකීමක් බවද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය අධිකරණය වෙත කරැණු දැක්වීය.

එසේම ශ්රිඒ ලංකා ප්රරජාතන්ත්රාවාදී ජනරජයේ මුදල් රෙගුලාසි පනතේ 139 වගන්තිය කඩ කරමින් වංචාවකට සහය පලකර අධිකාරි වගකීමක් පැහැර හැර ලක්ෂ හත්සියයකට ආසන්න මුදලක් පැහැර ගැනීමට අනුබල දී ඇති බවද මෙහිදී කරැණු දැක්විය

එමෙන්ම අදාල මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නීලා අතපත්තු සහ තමාරා දිල්හානි යන එම ආයතනයේ හිටපු ගණකාධිකාරි සහ කළමණාකාර සහකාර තනතුරැ දැරෑ දෙදෙනා නමට ලක්ෂ තුන්සියයකට ආසන්න මුදලක චෙක්පත් අත්සන් කර ලබා දී ඇති බවත් අදාල ගිණුමෙන් එම නිලධාරීනියන්ට මුදල් ලබා ගැනීමට නෛතික අයිතියක් නොවන පසුබිමක නිවරැදි තොරතුරු පරීක්ෂා නොකිරීම ද මෙම වංචාවන්ට අනුබලයක් වී ඇති බවද මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් අධිකරණය වෙත කරැණු අනාවරණය කරන ලදී.

වර්ෂ 2015 ත් 2021 සමයේදී මෙම මුදල් වංචාව සිදුව ඇති බවත් මේ වන විට අදාල මූල්‍ය  නියෝජ්ය1 සාමාන්‍යාධිකාරීවරයා  වැඩ තහනමකට ලක්ව සිටින බවත් මෙහිදී අනාවරණය විය



අදහස් (0)

පොල් සංවර්ධනයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site