IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පේලේ සමුගනී

ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේය. එපමණක් නොව පා පන්දු ලෝක කුසලානය තෙවරක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ ද පේලේය.

පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය. පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.

පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.

පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

පේලේ සමුගනී

Buddila Friday, 30 December 2022 06:17 AM

පාපන්දු ඉතිහාසයේ නොමැකෙන නාමයක්. අති විශිෂ්ටයෙක්. සුබ ගමන් ඔබට.

:       0       17

sharm warn Friday, 30 December 2022 09:38 AM

සුබ ගමන් ප්ලේ .... ඔබ සදා අමරනීයයි...

:       0       12

Bunny Preena Friday, 30 December 2022 10:26 AM

ඔබගෙ ක්‍රීඩා විලාශයෙන් ළෝකයේ පාපන්දු ලෝලීන් මහත් අමන්දානන්දයට පත්කල ඔබ සැබම වීරයෙක් සහ පුරාවෘතයක්. ඔබට සුබ ගමන්. ප්ලේ

:       0       3

i k s chandrasiri Friday, 30 December 2022 11:39 AM

නිවන් සුව ලැබේවා පේලේ..!

:       0       3

Vira Friday, 30 December 2022 11:48 AM

තවත් වීරයෙකුගේ ගමනේ නිමාව.. ඔබට සුබ ගමන්..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site