(අංජුල මහික වීරරත්න)
පොල් වගාව අපනයනය වැවිලි භෝගයක් ලෙස නම් කරන්නැයි පොල් වගාකරුවන්ගේ සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.
පොල් අපනයනය කළ ද තවමත් පොල් අපනයන වැවිලි බෝගයක් ලෙස නොසැලකීම නිසා මෙම ක්ෂේත්‍රයේ ගැටළු රැසක් මතු වී ඇති බව ද එම සංගමය පවසා ඇත.
රටේ දෛනික අවශ්‍යතාවය පොල් මිලියන 4.8ක් වුවද මෙරට දෛනික පොල් නිෂ්පාදනය මිලියන 3ක් බවද පොල්වල හිඟයක් පැවතියත් සමස්ත පොල් අස්වැන්නෙන් සියයට 25ක් අපනයනය කරන බව එම සංගමය කියයි.
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 850ක වාර්ෂික ආදායමක් උපයන අතර මෙම අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමට නම් පොල් අපනයනය ඉලක්ක කර ගත් වැවිලි බෝගයක් ලෙස නම් කළ යුතුව ඇතැයිද ලාංකික පොල් ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ජාත්‍යන්තර වෙළෙඳපොලේ පොල් සම්බන්ධ පවතින ඉල්ලුම ඉහල යමින් පවතින බවද පොල් වගා කරුවන්ගේ සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල් වැවිලි බෝගයක් කරන්නැයි ඉල්ලයි
සනත් ගමගේ Thursday, 16 November 2023 05:22 PM
අපි ඉගන ගත්තේ ප්‍රධාන අපනයන වැවිලි භෝග තේ, පොල්, රබර් යනුවෙන් පොල් ඉවත්කරලා තියෙන්නේ කවදා ඉඳලාද?
චමින්ද Friday, 17 November 2023 07:33 AM
ඉතාමත් නිවැරදි අදහසක් තමයි. අපි පාසල් යද්දී ලිව්වෙ තේ රබර් පොල් ලංකාවේ ප්‍රධාන අපනයන මෙන්ම වැවිලි භෝග කියලා තමයි .එහෙම තිබුන දෙයක් ඉන් ඉවත්කලේ මොන මොට්ටයාද ,කවදාද කියලා ජනතාව දැනුවත් කරන්න ඇමතිතුමා
Bamunuarachchi Friday, 17 November 2023 05:19 AM
කාලයක්ම අපේ ප්‍රධාන අපනයන භාන්ඩයක්භාණ්ඩයක් උනේ කපාපු පොල් හා කොප්පරා. ඒත් තවම පොල් අපනයන වැවිලි භෝගයක් නොවෙයිද? පුදුමයි ඒත් ඇත්තයි.