(අංජුල මහික වීරරත්න)
දකුණු පළාතේ පොල් වගාවන් හි දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවා ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි.
මයිටා උවදුර නිසා පසුගිය කාලයේ දකුණේ පොල් අස්වැන්න සියයට 60කින් පමණ අවම විය.
මෙම පොල් මයිටාවාට ජෛව පාලන ක්‍රමෝපායක් වශයෙන් ස්වාභාවික පරිසරයේ ම සිටින විලෝපිත මයිටාවෙක් වන Neoseiulus Barak නැමැති මයිටා විශේෂය යෙදීම මගින් පොල් මයිටා උවදුර සෑහෙන ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකි වී තිබෙන බව පොල් පර්යේෂණායතනය පවසයි.
මෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට එක දිගට වසර දෙකක්වත් යෙදිය යුතු බවද පොල් පර්යේෂණායතනය සඳහන් කරයි.
පොල් මයිටා රෝගය සියයට සියයක්ම තුරන් කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නැති නමුත් මයිටා රෝගය නිසා පොල් ගෙඩි කුඩා වීම සියයට 60කින් පමණ අවම කර ගැනීමට මෙම විලෝපිත මයිටාවා යොදා ගැනීම මගින් හැකිවී ඇතැයි තහවුරු කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් මයිටාවාට ’’මාරයෙක්’’
Lalla Thursday, 02 November 2023 01:43 PM
කොහොමද ලබාගන්නේ? වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කළාද? විස්තර ඕනෑ...
සෝමපාල Thursday, 02 November 2023 02:36 PM
ඔය මයිටෝ වෙන වගාවල් වලට හානි කරන්නේ නැද්ද? කොහෙන්ද ඔවුන් ගන්න තියෙන්නේ...? කොහොමද උන් බෝ කරගන්නේ. බිත්තර තියෙනවාද? ඔවුන්ගේ කඩවල්වල ගන්න. අපේ වත්තේත් ගොඩක් පොල්ගෙඩි මයිටෝයි... දඬු ලේන්නුයි කාලා. දඬු ලේන්නු නම් එනවා... ඔවුන් පන්නනවා. ඔය මයිටෝ කන්නේ රෑටද? ඔවුන් එන වෙලාවක් පේන්න නම් නෑ. ගෙඩි වට්ටලා තියෙනවා ගස් යට. සෑහෙන ගෙඩි ප්‍රමාණයක් කාලා...
pakeer Thursday, 02 November 2023 04:21 PM
කරුණාකර මේ පිළිබඳව දැනුවත් කරන්න තව.මම හිතන්නේ දකුණ ,බස්නාහිර දෙකටම ඕනේ.පොල් ගස් ඉවරයි