IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් සාජන්ට මරු කැඳවූ පාර්ලිමේන්තු බසයේ රියැදුරු අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ,නිමන්ති රණසිංහ සහ  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වැලිවේරිය පොලිසියේ  සැරයන්වරයකුට  මරු කැඳවූ පාර්ලිමේන්තු බස් රථයේ රියදුරා මල්වතුහිරිපිටිය පොලිසියට  නීතිඥයෙකු මාර්ගයෙන් බාරවීමෙන් පසු  සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම අනතුරෙන් පසු සැකකාර රියදුරා අතුරුදන්ව සිටි අතර ඔහු පොලීසියට  මෙසේ  බාරවූයේ අනතුර සිදුවී දින තුනකට පසුවය.

සැකකරු බීමතින් රිය පදවා මිනීමැරුමක්  කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අද (2) ඉදිරිපත් කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

පාර්ලිමේන්තු බස් රථයේ හැපී පොලිස් සැරයන්වරයා මරුමුවට පත්වුයේ පසුගිය 29 වැනිදා සෙනසුරාදා ගම්පහ කිරිඳිවැල මාර්ගයේ හේනේගම  මල්පැලේ ප්‍රදේශයේදීය. අනතුරෙන් පසු  රියදුරු තුවාලකරු මග දමා පළාගොස් තිබුණේය.

අනතුරෙන් මියගියේ වැලිවේරිය පොලිසියට  අනුයුක්තව සිටි ආනන්ද පෙරේරා නැමැති පොලිස් සැරයන්වරයාය.

පනස් හය හැවිරිදි  සැරයන්වරයා මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා යතුරු පැදියකින් පාරේ වම් පසින් යමින් සිටි පොලිස් සැරයන්වරයා මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගි වූ පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් පිරිසක් රැගෙන පැමිණි මෙම පාර්ලිමේන්තු බස් රථයේ  ගැටීමෙන්  ජීවිතක්ෂයට පත්විය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථ රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොලීසිය පවසයි.

සැකකාර  රියදුරා පාර්ලිමේන්තු සාදයේ අධික ලෙස බීමත්ව සිට ඇතැයි පැවසෙන හෙයින් ඔහුගේ මත් ගතිය අඩු කිරීම සඳහා සහෝදර සේවක පිරිසක් විසින් හෝටලයේ පිහිනුම් තටාකයට බස්සවා ඉතාම අසීරුවෙන් රැගෙන ගොස් රියදුරු අසුනේ අසුන් ගැනීමට සලස්වනු ලැබ  ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවූ බව  පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

සැකකරු බස් රථය රැගෙන විත් ඇත්තේ එය රැගෙන නොයන ලෙස බොහෝ දෙනකු පවසා සිටියදී බව පොලිස් ආරංචි  මාර්ග අනාවරණය කළේය.

බස් රථය පොලිස් සැරයන්වරයාගේ ගැටීමට පෙර  ප්‍රදේශයේ වෙළෙඳසැලකද හැපීමෙන් ඊට  හානි සිදුව තිබූ බව වාර්තා වේ.

සැකකාර රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

රියදුරාට  විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කළ බවද  ඔහු සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (4)

පොලිස් සාජන්ට මරු කැඳවූ පාර්ලිමේන්තු බසයේ රියැදුරු අත්අඩංගුවට

Prabha Tuesday, 01 November 2022 09:02 PM

සාදයන් සඳහා පාර්ලිමේන්තු බස් අරන් යන්න පුළුවන්ද?

:       1       10

arschfikaaWednesday, 02 November 2022 12:34 AM

පුලුවන් අයිසේ, හැම එකකක්ම පුළුවන්. සැරයන් 10 දෙනෙකුව හප්පලා මැරුවත් ඌව නිදහස්වෙන යකාගෙ රටක් මේක. ඥානසාර කෝ හැංගිලාද?

:       1       1

එක රටක් එක නීතියක් Wednesday, 02 November 2022 07:19 AM

රියදුරු පමණක් අරගෙන හරිද .රියදුරු අධික ලෙසට බීමත්ව සිටියදී ඔහු රියදුරු අසුනේ සිටුවා ගමන යාමට කිව්වෙ පාර්ලිමේන්තුවේ කාරයමණ්ඩලයේ අය මෙහෙම වෙනවා නම් පේන්නෙ පාර්ලිමේන්තුවේ අයට නීතිය වලංගු නැද්ද කියලා හිතෙනවා මෙම රියදුරු බීමත්ව සිටියත් අත් අඩංගුවට ගත්තෙ පොලිස් නිළධාරියෙකුට අනතුරක් කල නිසා මිස වෙනත් දෙයකට වෙන්න බැහැ

:       0       3

latha Wednesday, 02 November 2022 08:48 AM

මේ වගේ අයට මරණ දඬුවම දෙන්න ඕන. නැත්නම් ඕවා නවත්වන්න බැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site