IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් ලොක්කෝ 10ක් මාරු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මාරු කරනු ලැබ සිටිති.

තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ජී සී ජානක කුමාර හලාවත කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ද, පොල්ගහවෙල ස්ථානාධිපති එච් එම් එන් එන් හේරත් තලංගම පොලිස් ස්ථානාධිපති ලෙස ද, කින්නියා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ පී රණසිංහ පොල්ගහවෙල ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එම් පී විජේසිරි කින්නියා පොලිස් ස්ථානාධිපති ලෙස ද, මාවනැල්ල ස්ථානාධිපති එස් ප්‍රදීප් කුමාර බන්ඩාරවෙල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා ද, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී ඩී නිලංගම මාවනැල්ල ස්ථානාධිපති ලෙස ද මාරු කරනු ලැබ සිටිති.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ආර් ඩී ඩී ජයතිලක බණ්ඩාර හලාවතට ද, පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී ඩී බී සී පෙරේරා පොලිස් සුබසාධක කොට්ඨාසයට ද මාරු කරනු ලැබූහ.

විමර්ශනයක් නිසා තාවකාලිකව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට මාරු කරනු ලැබ සිටි චරිත අරුණ ශාන්ත බණ්ඩාර ජයසුන්දර කුරුණෑගලට ද, තාවකාලිකව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනියුක්තර කරනු ලැබ සිටි එච් ඩී එස් තුසිත කුමාර උතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස ද මාරු කරනු ලැබ සිටිති.



අදහස් (0)

පොලිස් ලොක්කෝ 10ක් මාරු

දසුන් Friday, 18 December 2015 03:45 AM

පොලිස් පති මාරු වීම් කරන්න පොලිස් කොමිසම නැවත අක්‍රීය වෙලාද? (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 18 December 2015 04:28 AM

පොලිස් කොමිසම තිබියදී පොලිස්පතිතුමාට මාරුවීම් කළ හැකිද..? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 17 December 2015 02:54 PM

කොහේට දැම්මත් මොකෝ. හරියට රාජකාරිය කරනවා නම්. උසස් වීමක් ලබන්න මොන තරම් කට්ටක් කන්න ඕනද. ඒක හැමදාම තියාගන්නත් වාසනාවක් තියෙන්න ඕනි. සමහර අය ළඟින්වත් යන්න අමාරුයිනේ. කොහෙට දැම්මත් ලංකාව ඇතුලෙනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site