උණවටුන මුහුදේ අධිවේගී ජල ස්කූටරයක් පදිමින් සිටි තරුණයකු එය පෙරලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. උණවටුනට පැමිණෙන සංචාකරයෝ මේ ස්කූටර පැදීමට දැඩි කැමැත්තක් දක්වති. මියගිය තරුණයා එවැනි ස්කූටර පදවන අයකු බවත් අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ජිවිත ආරක්ෂක කබා පැළඳ නොසිටි බවත් පොලිසිය පවසයි.
හිස් තෙල් ටැංකි සහිතව මාතර සිට ගාල්ලට ධාවනය වූ දුම්රියක එක් ටැංකියක් අද සවස 4.30ට පමණ ගාල්ල දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමෙන් කොළඹ සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දී නතර කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාතර යන අතරතුර ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කළ ගාලු කුමාරී දුම්රිය ද තවමත් ගාල්ලේ හිරවී ඇත.
කොටි සටන් පැවති ප්‍රදේශයකින් ගෙන එන ලදැයි සැකකරන රසායිනික අවියක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය කියයි. උණවටුන සුදුවැල්ලේ පැවති සංගීත සාදයක දී ඔහු අත්අඩංගුවට ගත් බවත් ඇල්පිටියේ කහදූවේ අවුරුදු උත්සවය අවසානයේ සිදුවූ ප්‍රහාරයට ඔහු සැකපිට සොයමින් සිටි බවත් පොලිසිය කියයි. තමන් හමුදා සේවයෙන් පලා ආ තැනැත්තකු බවත් වෙල්මුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් එම අවිය ගෙන ආ බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් පොතෙන්