
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාව තුළ තිබූ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
සීසී ටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අවි ගබඩාව තුළට ගොස් පොලිස් හිස් වැසුමෙහි යමක් සඟවාගෙන එන අයුරු අනාවරණය වීමෙන් පසු පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
එම පොලිස් සැරයන්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම ගිනි අවිය සහ උණ්ඩ මාවතකම ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී ඇතිි බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරුව භට නිවාසයේ එම සැරයන්වරයාගේ කාමරයේ යකඩ කබඩ් එකක් තුළ සඟවා තිබූ ජීව අත් බෝම්බයක් සහ අත් විලංගු යුවළක්ද පොලිසිය සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් ගබඩාවෙන් ගිනි අවි ඉස්සූ සැරයන් මාට්ටු
PGPThilak Wednesday, 06 August 2025 09:03 AM
ඔය හැම පොලිස් හමුදා. ආයූධ ගබඩාවකින්ම ඕවා හොරකම් කරලා විකුණලා නිසයි රටේ හැම තැනම වෙඩි තැබීම්! ඔය ආයුධ ගබඩාවල නිසි පාලනයක් වත් විගණනයක් වත් නෑනේ