IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් කතට කැත කතා කියූ සෙබලා කූඩුවට

(ඉන්දිකා රාමනායක)

මාවනැල්ල පොලිස් ස්ථානය තුළ එහි රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචන කියා ලිංගික අතවර කළ හමුදා සෙබළකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු  තවත් පුද්ගලයකු සමග මාවනැල්ල පොලිසියට පැමිණි සිටියදී එහි එහි දොරටුවේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරිය ඔවුන්ගෙන් පැමිණී කාරණය විමසීමේ සැකකරුවන් කිසිත් නොකියා පොලිස්ථානය වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් යළිත් කොස්තාපල්වරිය රැදී සිටි මුරකුටිය අසලට ගොස් හමුදා සෙබළා ඇයට අසෙන පරිදි ඇය සම්බන්ධකර ගනිමින් සෙසු පුද්ගලයට පිළිකුල් සහගත අසභ්‍ය වචන බැන වැදී ඇති බවද පොලිසිය පවසයි.

කොස්තාපල්වරිය කළ පැමිණිල්ලක් අනුව සැකකාර හමුදා සෙබළා පොලිස් භූමිය තුළ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (2) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

පොලිස් කතට කැත කතා කියූ සෙබලා කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site