(විමුක්ති එස් රුද්‍රිගු)
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් පරාජයට පත් කර ඇත.
ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාවේ හිත මිතුරන් වන ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළුව රටවල් 12 ක් ඡන්දය ලබා දී ඇති අතර සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ලබා දීමෙන් වැළකී ඇත.යෝජනාවට පක්ෂව රටවල් 12 ක් ඡන්දය ලබාදුන්නත් ඇමෙරිකාව නිශේද බලය භාවිත කරමින් යෝජනාව පරාජයට පත් කළේය.
යෝජනාව සම්මත වූවේ නම් සාමාජිකයන් 193 දෙනෙකු සිටින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 194 වැනි සාමාජිකයාවීමට පලස්තීනය නිර්දේශ වීමට හැකියාව තිබිණි.
රටවල් 140 දැනටමත් පලස්තීනය රටක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් එලෙස නිර්දේශ වූවානම් නිශේධ බලයක් නොමැති මහා මණ්ඩලයේ නිසැකවම 194 සාමාජිකයා වීමට පලස්තීනයට අවස්ථාව තිබිණි.
ඇමෙරිකාව නිශේධ බලය භාවිත කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේද බලය භාවිත කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව බවත්ය.
COMMENTS
එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති රොබර්ට් වුඩ් ප්‍රකාශ කර සිටියේ නිශේධ බලය භාවිතා කිරීම පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට විරුද්ධ වීමක් නොවන බවත් නමුත් "එය සිදුවිය යුත්තේ පාර්ශ්වයන් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසුව" බවත්ය. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව අවහිර නොකළ යුතුවේ. අනාගතයේදී ජන අනුපාතය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (security council) සංයුතිය වෙනස් විය යුතුවේ... එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193 ගෝලීය අර්බුද සහ කම්පනවලදී වර්තමානයට වඩා වැඩි වගකීමක් සහ වගවීමක් සහිතව මානුෂීයව කටයුතු කළහැකි ආකාරයට වර්තමාන ලෝකයට ගැලපෙන ආකාරයට ප්‍රතිපත්තීන් වෙනස් විය යුතුවේ...!
පලස්තීනය ඇතුලු දුප්පත් රටවල්වලට විශාල ප්‍රමාණයකට විනාශයක් කරන, මැරබලය යොදන දුෂ්ඨ රටකි...!
ඇමෙරිකාව දන්නේ එකම රසයි... ඒ ලේ රස...!
නියමයි, ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ලෝකේ කොතැනක්වත් ඉඩදෙන්න එපා.
ඇමෙරිකාවේ යුදෙව්වන්ට ඇමෙරිකාවෙන් බිම් කෑල්ලක් දුන්නා නම් ප්‍රශ්න ඉවරයි. මැදපෙරදිග සාමයට තියෙන ලොකුම බාධකය ඊශ්‍රායලයයි.