IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ දෙන්නකුට මාලඹේදී ගහලා

ත්‍රී රෝද රියකින් පැමිණ මාලඹේ පිට්ටුගල හන්දියේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකුට පහර දී පළා ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

ත්‍රී රෝද රිය පිළිබඳව ඇතිවූ සැකයක් මත එය නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එහි සිටි සිව් දෙනකු පහර දී පළා ගොස් ඇතැයිද ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු පිට්ටුගල අතුරු මාර්ගයකදී ත්‍රී රෝද රිය නවතා තිදෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

එක් අයකු පළා ගිය බවත් ත්‍රී රෝද රිය තුළ තිබී ගල්කටස් ගිනි අවියක් හා උල් පිහි 2ක් සොයාගත් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් තංගල්ල හා අනුරාධපුර පදිංචිකරුවන් බව කියති.



අදහස් (0)

පොලිසියේ දෙන්නකුට මාලඹේදී ගහලා

තුෂාර Thursday, 03 December 2015 01:51 AM

මොකක්හරි අපරාධයකට සම්බන්ධ අයද දන්නෙ නැහැ (නි)

:       0       0

සමිත් Thursday, 03 December 2015 02:39 AM

නොනවත්වා යාම හේතුවෙන් අපරාධකරුවන් ලෙස බොරුවට පැමිණිලිකර අපරාධකරුවන් සමග ගතකිරීමට ඇතුලට දමා අනාගතයේ සමාජය පිළිබඳ වෛරයෙන් අපරාධකරුවන් වීමට නියමිත දැනට අහිංසක පිරිසක් බව නිසැකවම කිව හැකිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site