IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසියට සහන මිලට යතුරුපැදි

පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලට යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ සහ පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ආරම්භ කළ මෙම වැඩ සටහන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවෙන් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

DSC_7548 DSC_7594



අදහස් (0)

පොලිසියට සහන මිලට යතුරුපැදි

රොෂාන් Monday, 09 February 2015 09:20 PM

අැයි හමුදාවට දෙන්නේ නැද්ද? (නි)

:       0       0

නඩරාජා Friday, 06 February 2015 11:03 AM

මහින්ද මහත්තයා ආරම්බ කරපු වැඩපිළිවෙල කරගන යනවා , මල් තියලා වඳිනවා අපේ මහින්ද මහත්තයාට, (හේ)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 04:11 AM

පරිසරයට වෙන බලපෑම ගැනත් හිතුවොත් හොඳයි නේද? (නි)

:       0       0

සමන් Friday, 06 February 2015 11:28 AM

මොකද ත්‍රිවිධ හමුදාවේ අයට නොදෙන්නේ? එයාලා නේද කුරිරු යුද්ධය වෙනුවෙන් රට බේරාගන්න ජීවිත පරදුවට තබා කැපවුණේ? ජනාධිපතිතුමනි, ඔබතුමා මේකට සාධාරණයක් කරන්න. (නි)

:       0       0

දිලානි Friday, 06 February 2015 04:12 AM

ඕක නිකම්ම දෙනවා කියලා නේද කිවුවේ?කලින් අයගෙන් ගත් 50000 නැවත දෙන්නේ නැද්ද? (නි)

:       0       0

ද සිල්වා Friday, 06 February 2015 04:18 AM

පොලිසියට විතරක් නොවේ දුප්පතාගේ වහනය වන ත්‍රිරෝද රථයට , ධාරිතාව 125cc අඩු යතුරු පැදි වලට පහුගිය කලේ ගහපු බදු අඩු කලොත් නරකද?(හේ)

:       0       0

වනිත් නෙත්මල් Saturday, 07 February 2015 01:42 AM

පරන පිනක් මගේ හිසේ කඩා ගෙන වැටුනා කියලා හිතෙනවා. වෙිදිකාවෙි කිව්වේ කොහොමද දැන් කරන්නේ කොහොමද තව ටික දවසකින් සහනයට ඇල්වතුරවත් නැත. මෝඩ වෙන්නේ අපිමයි (නදී)

:       0       0

දමිත් Saturday, 07 February 2015 01:46 AM

අපේ රටේ මොන හොඳ දේ කළත් වෛරී සංකල්පයෙන්මයි මිනිස්සු බලන්නේ. එයාලටත් දෙනවා නම් අපිටත් ඕනෑ කියන්නේ නැතුව කරන හොඳ වැඩ අනුමත කරන්න පුරුදු වෙන්න (නි)

:       0       0

දිලිනි Friday, 06 February 2015 04:29 AM

ත්‍රිවිධ හමුදාවටත් සහන මිලට යතුරු පැදි දෙනවද?(හේ)

:       0       0

මාලි Friday, 06 February 2015 11:41 AM

බයිසිකල් ගත්ත අය විතරක් මෙයාලට ඡන්දෙ දෙන්න (නදී)

:       0       0

දිලිනි Saturday, 07 February 2015 02:15 AM

අපි අහිංසක රජයේ සේවකයෝ. රත්තන් බඩු උකස් කරලා සල්ලි බැන්දේ. තාම පොලී ගෙවනවා විතරයි. බයිසිකල් නෑ. අපිට මෙහෙම ගියොත් බයිසිකලේ වෙළද පොලේ මිළට සමාන වෙයි පොලියත් එක්ක තව ටික දවසකින් (නදී)

:       0       0

රත්නපුර රාජ්‍ය සේවා නිලධාරීන් Friday, 06 February 2015 04:38 AM

පොලිසියට යතුරුපැදි ලබාදීම අගය කරමි. රත්නපුර දිස්ත්‍රික් රජයේ නිලධාරීන්ටද යතුරුපැදි ලබාදෙන මෙන් ජනාධිපතිතුමා ඇතුළු නව රජයෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

ධනුෂ්ක තරංග Friday, 06 February 2015 11:46 AM

කෝ දැන් යුධ හමුදාවටත් දෙනවා කියලා ෆෝම් ෆයිල් කළා නේද ? (නදී)

:       0       0

මහසෙන් Friday, 06 February 2015 04:40 AM

ඉතා හොඳ කටයුත්තක් (නි)

:       0       0

සොපියා Friday, 06 February 2015 04:46 AM

පසුගිය ආණ්ඩුවෙන් නේද මේ වැඩපිළිවෙළ හැදුවේ මේ නිලධාරීන්ටත් දුන්න එක හොදයි (දිල්)

:       0       0

චින්තක Friday, 06 February 2015 04:47 AM

පොලීසියටත් දුන්න එක හොදයි (දිල්)

:       0       0

මදුවන්ති Saturday, 07 February 2015 03:10 AM

ක්ෂේත්‍ර නිළධාරීන් සියලුම දෙනාටම යතුරුපැදි දෙනවා නේද? අපේ නාම ලේඛනත් යවලා තියෙන්නේ.අපි අම්පාරේ. ඒත් තාම යතුරුපැදි නැහැ.අපිටත් යතුරුපැදි දෙනවා නේද? කවදාද අපිට දෙන්නේ?පොලිසියේ අයට නම් දෙනවා (නි)

:       0       0

අරුණ Friday, 06 February 2015 05:03 AM

හමුදාවටත් දෙනවා කිවුවා නේද? ඒ අය අමතකවෙලා නැහැ නේද? (නි)

:       0       0

දිලීප් Friday, 06 February 2015 05:10 AM

ඕවායේ අධික බදු අඩුකළා නම් සාමාන්‍ය මිනිහෙකුටත් අඩුගානට ගන්න පුළුවන්නේ. රජයේ සේවකයෝ පමණද ගමන් යන්නේ? (නි)

:       0       0

මදුසංක විතානගේ Friday, 06 February 2015 05:22 AM

අපි රටට කිසිවක්ම කරන්නේ නැද්ද එතකොට? අපිට බැරිද ඕවායේ යන්න ? (නි)

:       0       0

හේරත් Friday, 06 February 2015 05:34 AM

පෞද්ගලික අංශයට මොකුත් දෙන්නේ නැද්ද? රජයේ සේවකයෝ විතරද රටට සේවය කරන්නේ? (නි)

:       0       0

කපිල Friday, 06 February 2015 05:35 AM

ඔක්කොම රජයේ සේවකයින්ට තමයි. ඔහොම යමුකෝ! (නි)

:       0       0

කුමාර Friday, 06 February 2015 05:39 AM

දැන් සහන මිලටද දෙන්නේ? මම හිතුවා නොමිලයේම දෙයි කියලා (නි)

:       0       0

උදය කුමාර Friday, 06 February 2015 01:00 PM

ත්‍රිවිධ හමුදාවට දෙනවා කීව එක බොරුද ? (නදී)

:       0       0

ජයසේන Friday, 06 February 2015 05:41 AM

ඒක හොදයි.පොලිස් නිලධාරින්ගේ පඩිත් වැඩි කළානම් හොදයි.(හේ)

:       0       0

සඳුන් Friday, 06 February 2015 05:59 AM

රජයේ සේවකයන්ටම සලකන්න . (හේ)

:       0       0

නදීකා Friday, 06 February 2015 06:06 AM

අනිත් රාජ්‍ය සේවකයින්ට මේ බයික් නැද්ද.(හේ)

:       0       0

යුනිස් Friday, 06 February 2015 06:17 AM

මහින්ද මහත්තයා ඇනවුම් කරපු ඒවා ගෙනාවට පස්සේ ඕවා තියාගෙන මොනා කරන්නද?මොන මොනවා හරි කියලා ඕවා බෙදා දෙන්න තමයි තියෙන්නේ.(හේ)

:       0       0

ලහිරු Friday, 06 February 2015 06:23 AM

දිලීප් සාමාන්‍ය මිනිස්සු තමයි බයික් පදින්නේ.(හේ)

:       0       0

සමන්ත Friday, 06 February 2015 06:34 AM

හැමෝටම මේ වගේ ලැබෙනවා නම් හොදයි.කොටසකට විතරක් නැතුව.(හේ)

:       0       0

සමන්ත Friday, 06 February 2015 06:35 AM

දිලීප් හේරත් මම පඩි වැඩි කලටත් කැමති නැහැ මොකක්ද රජයේ සේවකයන්ට ස්ථිර වැටුපක් හරි තියෙනවා පැන්ෂන් තියෙනවා අඩුපොලියට ණය දෙනවා අහිංසක මිනිහට, පෞද්ගලික අංශයට විදෙස් ශ්‍රමිකයන්ට මොකුත් නැහැ එයාල තමා සංවර්දනයට ඍජුව දායක වෙන්නේ (හේ)

:       0       0

කසුන් Friday, 06 February 2015 01:40 PM

මේවා හම්බවෙන කට්ටිය හෙල්මට් දාගෙන යන්න අමතක කරන්න එපා.(හේ)

:       0       0

රසික Friday, 06 February 2015 06:39 AM

පසුගිය මැතිවරණ සමයේ මෙයාලා කිව්වා පසුගිය රජයෙන් ගන්න 50000 කපාහැරලා නොමිලේ දෙනවා කියා.ඔක්කොම බොරුද කියලා තියෙන්නේ?(හේ)

:       0       0

පතිරණගේ Saturday, 07 February 2015 06:58 AM

පොලිසිය අගය කරමින් කරන මේ දේවල් වලට ගොඩක් පින්! (නි)

:       0       0

නිමල් Friday, 06 February 2015 07:22 AM

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රතිපත්ති කොච්චර දුරට සාර්ථකද කියලා දැන් ඉන්න අයට හොදට තේරෙනවා ඇති නේද?(දිල්)

:       0       0

ලියනගේ Friday, 06 February 2015 07:37 AM

මහින්ද මහත්තයට බොහොම පින්. (දිල්)

:       0       0

අසංක Friday, 06 February 2015 07:57 AM

නාවික හමුදාවෙන් රු 50000 එකතු කරලා දැනට මාස දෙකක් වෙනවා. තවම සල්ලිත් බයික් එකත් නැත (දිල්)

:       0       0

නිමල් Friday, 06 February 2015 08:19 AM

මේ මහත්වරු ඕවාට පෙට්‍රල් ගහන්න සල්ලි හොයන ආකාරය සොයා බලන්න වෙනම පොලීසියක් ඕනෑවෙයි (නි)

:       0       0

නිමල් Friday, 06 February 2015 08:20 AM

මේ මහත්තුරු ඕවට පෙට්රෝල් ගහන්න සල්ලි හොයන ආකාරය සොයා බලන්න වෙනම පොලීසියක් ඕනේ වෙයි .(හේ)

:       0       0

රසික Friday, 06 February 2015 08:31 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 06 February 2015 08:41 AM

මේ බයිසිකල් දෙන්නේ ෆීල්ඩ් ඔෆිසේර්ලට විතරයි .(හේ)

:       0       0

නොයෙල් Saturday, 07 February 2015 09:30 AM

හැමදාම ගෙයක් ගෙයක් ගානේ ලියුම් බෙදන්නද ? (නදී)

:       0       0

නලින් Friday, 06 February 2015 08:50 AM

ඔය බෙදන්නේ, ඕකත් ඡන්දෙ ගන්න දෙන පගාවක් (නදී)

:       0       0

ස්මිත් හෙන්රි Friday, 06 February 2015 08:58 AM

හොඳ වැඩේ නිකන් මොටර් සයිසිකල් ගන්න බලා හිටියට (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Friday, 06 February 2015 04:06 PM

රු. 50000.00 ආපසු දෙනවද? (නදී)

:       0       0

අරුණ ප්‍රිය ශාන්ත Friday, 06 February 2015 09:09 AM

සරසවි සේවකයන්ට මේවා අකැපයි වගේ. ඇයි අපි සේවයක් කරලා නැද්ද ? දෙනවා නම් හැමෝටම දෙන්න. (නදී)

:       0       0

හසිත Friday, 06 February 2015 09:31 AM

ඇත්තටම ඒක හොද දෙයක්.එහෙම හරි සහනයක් ලැබුන එක.(හේ)

:       0       0

තුෂාර Friday, 06 February 2015 05:19 PM

යුධ හමුදා, ගුවන් හමුදා කොල්ලොත් නයට අරන් 50000 ක් ගෙව්වා. එයාලට මොකද වෙන්නේ ? (නදී)

:       0       0

මලී Friday, 06 February 2015 09:42 AM

අනේ ... කලින් ආණ්ඩුව ඔය වැඩේ කරද්දි මෙයාල කිව්වේ මොකක්ද? භාණ්ඩාගාරේ හිස් කරනවා ඡන්දේ ගන්න කියලා නේද? දැන් මහ මැතිවරණෙන් දිනන්නද ඒ වැඩේම කරන්නේ.පව් අනේ බයික් නිකන් ගන්න ඡන්දේ දුන්න අය.(හේ)

:       0       0

මලී Friday, 06 February 2015 09:49 AM

අනේ ... කලින් ආණ්ඩුව ඔය වැඩේ කරද්දි මෙයාල කිව්වේ මොකක්ද? භාණ්ඩාගාරේ හිස් කරනවා ඡන්දෙ ගන්න කියලා නේද? (හේ)

:       0       0

උපුල් Friday, 06 February 2015 10:02 AM

රජයේ අයට පමණද මේ සියලු වරප්‍රසාද? පුද්ගලික අංශයේ අපිට වැඩි පඩිත් නෑ. දුම්රිය වාර ප්‍රවේශ පතත් වැඩියි. අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද?(හේ)

:       0       0

ඉන්දික Friday, 06 February 2015 10:06 AM

හැමෝටම එක වගේ ලැබෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site