IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා  ඇති බව කී ජනාධිපතිවරයා  එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු  කඳවුරේ අද (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙස ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය. 

 



අදහස් (5)

පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි

තාම හිරේ නොවැටුණ බකල ජයා Monday, 07 April 2025 07:12 PM

පොලීසියේ පරිවර්තනීය වෙනස වෙලා ඉවර වෙනකොට නරක පොලිස් අයින්වෙලා පොලිස් ජනගහනය දහයෙන් එකකට අඩුවෙලා තියෙයිද මන්දා...!

:       0       0

රම්බොඩ Monday, 07 April 2025 07:47 PM

ප්‍රංශ භාශාවෙන් කිව්වවොත් මාලිමාකරණය .

:       1       1

ගුණරත්න Monday, 07 April 2025 08:01 PM

අර ඇමතිතුමා කිව්වනේ බංකුවක් ඇරන් එන්න කියල දෙන්ඥන් කියල. ඉතින් උන්නැහේ ගාවට ගියා නං හරි

:       1       0

Toni Monday, 07 April 2025 11:10 PM

ඔව් ඔව්, ඒකත් පැළවත්ත කාර්යාලයක් කරගන්න හදන්නේ.

:       4       2

Parakrama Tuesday, 08 April 2025 09:19 AM

එය පද්ධතිවල, ප්‍රතිපත්තිවල, ක්‍රියා පටිපාටිවල සහ ආකල්පවල (සිතන්න, දැනෙන්න සහ ක්‍රියා කරන්න) වෙනස්කම් විය යුතුය. නිසි පුහුණුව සහ සංවර්ධනය, විපාක සමඟ නැවත ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් සමඟ නිවැරදි කිරීම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 373 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site