IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලීසියට තග දැමූ විශ්‍රාමික සෙබළාට වැඩ වරදී

( ඉන්දිකා රාමනායක)

පැමිණිල්ලක් විභාගයකට ගිය තෙල්දෙණිය පොලිසියේ  කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පිහියකින් පහර දී සහ අතක් සපා කා තුවාල  කිරීම සම්බන්ධයෙන්    විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර  උඩමත්තල පදිංචි 50 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි.

සැකකරු එල්ල කළ පිහි පහරින් සහ අත සපා කෑමකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති බව ද  පොලිසිය කියයි.

ලුණුගම්වෙහෙර  ප්රපදේශය පුද්ගලයෙකුට බැන තර්ජනය කරමින් පහර දීමට කරන 118 හදිසි  ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර පොලිසියේ සිව් දෙනකුගෙන් සමන්විත පොලිස්  කණ්ඩායමක්  සිද්ධිය වු ස්ථානයට ගොස් පැමිණිලිකරුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.

අනතුරුව සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ නිවෙසට ගිය අවස්ථාවේ  සැකකරු පොලිස්  නිලධාරින් සමග බහින්බස් වී නිවසට දිවගොස් පිහියක් රැගෙන නිලධාරීන්ට පහර දීමට උත්සාහ කිරීමේදී ඒ වැළැක්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගේ අත කැපී තුවාල ඇති අතරල ගැටුම මැඩපැවැත්වීමට ඉදිරිපත්වූ තවත් කොස්තාපල්වරයෙකු ගේ අත   සැකකරු විසින් සපා කෑමෙන් එම කොස්තාපල්වරයා ද තුවාල ලබා ඇත.

 

 



අදහස් (2)

පොලීසියට තග දැමූ විශ්‍රාමික සෙබළාට වැඩ වරදී

Bamunuarachchi Friday, 25 August 2023 05:22 AM

හුළඟට විසික්කා වෙන කැහැටු උන්දැල පොලිස්සියට බඳවා ගන්නවාගෙන ආරවුල් විසදන්න ඔවුන්ව නිරායුධව යවනවා. ඊ ලඟට උන් ගුටිකාලා එනවා. ඉස්සර පොලිස්සිය කිව්වාම මිනිස්සු කොච්චර භයද? ඒ කාලේ ගණන් කාරයින්ට කතා කරපු හැටි මම දැකලා තිබෙනවා. රාළහාමිලාගේ කථා වලට සමහර එවුන්ට චු යනවා. දැන් පල් හොරුන්ට කතා කොරන්නේත් ඔබ තුමා කියලා.

:       0       0

Bunny Preena Friday, 25 August 2023 10:29 AM

ඔය කෙරුවාවල් ඔක්කොම නැවැත්වේවි... කූඩුවට දාලා හොඳට සබ්බුව දුන්නා නම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site