සබරගමු පළාත් සභා ඡන්දයේ මනාප අංක ලැබෙන්නත් පෙර කුරුවිට හා රත්නපුර මහ මග ප‍්‍රදර්ශනය කර තිබූ තම කටවුට් සියයක් පමණ ගිනි තබා වනසා ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා කියයි. සන්ධානයේ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අතුල කුමාර රාහුබද්ධ මහතාගේ කටවුට් එරත්නේදී පුළුස්සා ,මලංගමදී කළු තෙල් දමා තිබිණැයි වාර්තා විය. මැතිවරණ නීතිය අනුව කටවුට් ප‍්‍රදර්ශනය නීති විරෝධීය. මේ කටවුට් වනසන්නට ඇත්තේ සන්ධානයේම ඇතැමුන්ගේ ක‍්‍රියාවක් විය හැකි බව සන්ධාන ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියටත් කලින් කටවුට් බේත් දීලා
සුමනා මානවඩු Sunday, 22 July 2012 11:40 AM
ඒවා හොඳ වැඩ (ස)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 22 July 2012 12:02 PM
දේශපාලන කටවුට් වලින් පමණක් මහජනතාව රැවටී ඡන්දය ලබාදේවී යැයි නොසිතන්න. අද ඡන්දදායකයා බොහෝ බුද්ධිමත්ව කටයුතු කරන බවක් පෙනී යයි. ඒ නිසා පොස්ටර්,කටවුට්,බැනර් වලින් ඡන්දය කරපු කාලේ දැන් අවසන්වීගෙන එන්නේ. මීට පසුව ප්‍රතිපත්තිවලින් වැඩ කරන අයට තැන ඒවි. මිනිස්සු ඡන්දය දෙන්නේ වැඩ කරපු අයට පමණයි.හොර වැඩ කරලා ඡන්දේ ලංවුනාම කරන මෙවැනි බොරු සෝබන වැඩවලට මින් පසුව බුද්ධිමත් ඡන්දදායකයා නොරැවටෙන බව තේරුම් අරගත්තොත් කාට කාටත් ඇඟට ගුණදායක බව කියමි. (ස)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 22 July 2012 12:08 PM
කටවුට් ගහලා දෙන්නේ ඡන්ද අපේක්ෂකයන් නෙවෙයි. දිනුවම ප්‍රයෝජන ගන්න පුළුවන් කට්ටිය. ඡන්ද ඉල්ලන කට්ටියට වියදමක් නැහැ. (ස)
අරුණ Sunday, 22 July 2012 12:08 PM
මොලේ තියෙන මිනිස්සු ගිහින් චන්දෙ දෙන්න ඕන. නමුත් මොලේ පාවිච්චි කරලා පාට බලන්නේ නැතිව හොද මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕන . චණ්ඩින්ට, මුදලාලිලාට, කාලකණ්නින්ට චන්දෙ නොදී උගත් බුද්ධිමත් මිනිසුන්ට මොන පක්ෂේ උනත් චන්දෙ දෙන්න. එකය් බුද්ධිමත්කම වෙන්නේ. (ස)
කපිල Sunday, 22 July 2012 12:30 PM
හොඳම දේ ඡන්දය පාවිච්චි නොකිරීම. අපේ රටේ දේශපාලනය අරහන්. රට විකුණුවත් අපිට කරන්න දෙයක් නෑ. දෙපැත්තම එකයි. (ස)
අජිත් Sunday, 22 July 2012 12:42 PM
මිනිස්සුනේ පේනවද සේවයක් කරන්න දගලන තරම. ඔය කාට ආදරේටද ? හැම රස්සාවක්ම වගේ ඇමති කමත් රස්සාවක් කියලා හිතන්න. ඡන්දය කටුගාන්න. (ස)
සුජිත් Sunday, 22 July 2012 12:45 PM
මම හිතුවේ ආචාරි නැහැ කියලා. අනේ නෑ. මේ ඇවිත් ඉන්නේ. යස අගේට ආයෙත්. දැන් ඉතින් ආයෙමත් කරච්චල් තියෙයි. (ස)
සමන් Sunday, 22 July 2012 12:45 PM
ඔන්න ලංකාවේ බත්කන අයට දෙපැත්ත බෙදිලා ගහගන්න ආපහු අවස්ථාවක් ඇවිත්. හොඳට හොයලා බලලා පාතලේ අයටයි. කුඩු ගෙන්වන අයටයි ඡන්දය දෙයි. (ස)
නිමල් Sunday, 22 July 2012 12:59 PM
ඡන්දදායකයිනි, ඡන්දය දෙන්නට කලින් අපේ රට වෙනත් රටවල් සමග සංසන්දනය කර හොදින් හිතන්න බලන්න. ඔබ බුද්ධිමත්නම් ඔබ ඡන්දය කටු ගා දැමීමට තීරණය කරණවා ඇත. (ස)
රමණි Sunday, 22 July 2012 01:03 PM
ඔය කිසි එකෙක් අපට කරපු සේවයක් නැහැ. ඔවුන් සේවය කරානම් අපෙ අද ලෝකෙට ණය නැත. ආහාර, වාහන ඇදුම්, නැව් එනතුරු මග බලා ඉන්නේ නැත. මග තොටේ භියකින් තොරව ගමන් කරනවා ඇත. ගෑණු රට රස්සා වලට නොයනවා ඇත. (ස)
හොර අධ්‍යක්ෂ Sunday, 22 July 2012 02:10 PM
මට උපාධියක් නැතිවත් මට අධ්‍යක්ෂ කමක් ලැබිලා තිබේ. (දී)
සහන් Sunday, 22 July 2012 02:10 PM
එකත් හොඳයි . එටකොට පොලිසියටත් වැඩ අඩු වෙනවනේ ... (දී)