IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


පොලිස්පතිට දේශපාලන බලපෑම්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්‍ෂණ  රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
අනිකා විජේසුරිය මහත්මියට සහ ඇගේ ඥාතීන්ට එල්ල වු බව කියන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් අනිකා විජේසුරිය මහත්මියගේ සහ ඥාතීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ පොලිස්  ආරක්‍ෂාවක් ද ලබාදී තිබිණි.
මෙම තර්ජන වලින් පසු ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කියන ඇය එහි සිට තමන්ට එල්ල වු ජීවීත තර්ජන පිළිබඳව විද්‍යුත් පණිවිඩයක් මඟින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කොට ඇති අතර ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පසු මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.



අදහස් (20)

පොලිස්පතිට දේශපාලන බලපෑම්

Samith Wednesday, 25 October 2017 03:48 PM

ඔන්න යහපාලනය, හොදයි නේද?

:       1028       1280

dinesha Wednesday, 25 October 2017 04:23 PM

යහපාලනේ තියෙන්නේ. කලින් හිටපු අය වගේ නෙමෙයි. පොලිසියට එහෙම බලපෑම් කරන්නේ නෑ. මේක හදලා කිව බොරුවක්. ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න.

:       1483       1226

SujeewaWednesday, 25 October 2017 06:28 PM

දිනේෂා, මෙවන් පුවතක් මගින්, අප්‍රමාන වගකීමකින් යුතුව, මාධ්‍ය අපට ලබාදෙන, අද රටේ සිදුවන ඇත්ත, පිලිබදව ලංකාදීපයට තුති පුදුන්නේ නැතුව, පාලනයට කඩේ නොව, ඔයා යන්නේ සුපර් මාර්කට්. අප රට තවත් පස්සට යන්නේ, දේශපාලකයන් නිසා පමණක් නොව, ඔබ වැනි පුද්ගලයන් නිසාය.

:       517       956

appu Thursday, 26 October 2017 03:14 AM

අම්මප ඔහේගේ මොලේ පාරම්පරික දේසපාලනය නිසා සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු වෙනවා නොවැ දෙගොල්ලොම හොරු බව පෙනේ නමුත් නොදැනේ

:       65       25

janatha anura Thursday, 26 October 2017 03:21 AM

දිනේශ කොහෙද අනේ ඔය යහපලානේ තියෙන්නේ ගොඩක් දුරද ??ලස්සනද ?

:       182       198

SenarathThursday, 26 October 2017 03:43 AM

අනේ පවු, මේ විරුද්ධවාදියෝ හදන කතානේ. බලන්නකෝ අර්ජුන් මහේන්ද්‍රන්වත් රවට්ටලා, රවී අැමතිතුමාවත් රවට්ටලා, අගමැති තුමාවත් රවට්ටලා මේ විරුද්ධවාදියෝ මහබැංකුවට වංචාවක් කලානේ. ඒ වගේම හිරුනිකාවත් රවට්ටලා , අහින්සකයෙක්ව බලෙන් වාහනේ දාගෙන ගිහින් තව ලෙඩක් දැම්මනේ. තව බලන්නන්කෝ පොලිස්පතිතුමාව අමාරුවේ දමන්න කවුද නොසන්ඩාලයෙක් එතුමා මාද්‍ය සාකච්චාවකදී කෝල් එකක් දුන්නනේ, ඒ නිසානේ එතුමා "හරි සර් නිළමේව අත්අඩංගුවට ගන්නේ නැහැ, දැනටමත් මම කියල තියෙන්නේ " වගේ උත්තර දුන්නේ. දැන් බලන්නකෝ රට කොච්චර සංවර්ධනය වෙලාද කියල, පොල්ගෙඩියට රුපියල් 120 ක් ලැබෙනවනේ. මේකෙන් විදේශ විනිමය ලැබීම වැඩිවෙනවානේ. මිනිස්සුන්ට නැවතත් පිටරටින් ගෙන ඉස්තරම් හාල් කන්න ලැබෙන්නේ යහපාලන රජය නිසානේ . කොච්චර ආඩම්බරද. අපේ ගොවියෝ දැන් සතොසෙන් බියර් එකක් අරගෙන බිල ජොලියේ ඉන්නවනේ, දුක් විදින්නේ නැතිව.

:       2       304

one srilankanThursday, 26 October 2017 04:45 AM

ආණ්ඩුව අමුතුවෙන් අපකීර්තිය පත්කරන්න ,,,කීර්තියක් තියනවද එක දෙයක්වත් ඉටු කරලා ,,,

:       0       26

darshanaThursday, 26 October 2017 05:10 AM

ඔය ජීවිත තර්ජන කතාව දැන් බොරුවක් බව හෙළිවෙමින් පවතිනවා - ඉතින් කවුරුහරි පොලිස්පතිට බලපෑම් කරනවානම් ඒ අනිකා විජේසුරියගේ පැත්තේ කෙනෙක් වෙන්න ඇති . මොකද අනිකා විජේසුරිය ලන්ඩන් යන්න ගුවන් ටිකට්පත වෙන්කරලා තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා , රටින් යන්නේ 6 වෙනිදා . ඔය ජීවිත තර්ජන කතාව කරලියට එන්නේ ඔක්තෝබර් 13 වෙනිදා. රහස් පොලිසිය මේ ගැන හොයනකොට ඔක්කොම බොරු හෙළි වෙනවා

:       138       121

hafeelThursday, 26 October 2017 11:31 AM

ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න ආණ්ඩුවෙන්ම හැර වෙන කවුරුත් නැහැ. එතකොට සාගල, පොලිස්පතිට දුරකථනයෙන් බලපෑම් කල දර්ශනය කවුරුත් ප්‍රසිද්ධියේ දැක්කා. ඉතිහාසයේ වර්තමාන රජය වගේ කිසිම රජයක් යටතේ පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාර මේ වගේ හෙල්ලුමකට ලක්වුණේ නැහැ.

:       0       1

minipe Wednesday, 25 October 2017 06:26 PM

රහස් පොලිසයට ඊමේල් එක්කක් එව්වනම්, ඒ පොලීසය ඒතරමට රහස් නැත.

:       149       131

de silva Wednesday, 25 October 2017 08:43 PM

මම ඔය තර්ජන කතාව කරලියට එනකොටම මම මගේ අදහස ලිවුවා කව්රුහරි" සර්" කෙනෙක් මෙයට කතාකරල කියල , තර්ජනය කරපු සැක කරය තවම අත්අඩංගුවට අරන් නැහැනේ ? ඉතින් තවදුරටත් මේ ගැන කතා කිරීමෙන් පලක් නැහැනේ ?

:       0       12

අනුර පැස්කුවල් Thursday, 26 October 2017 01:29 AM

මෙම සිද්ධියම යහපාලනය පිළිබඳව හොඳ තක්සේරුවක් ලබා දෙයි. කලින් රජය පැවතුනා නම් මෙහෙම ප්‍රවෘත්ති පල වන්නේ නැත. එහෙම වුනා නම් එක්කෝ ලංකාදීප කාර්යාලය ගිනි ගනී. නැත් නම් පොලිස්පති ගෙදර යයි. ඒ හැමටම වඩා තමන්ගේ රජය සමයේ සිදු වුන බවට කෝප් වාර්තා මගින් පවා එකල ඔප්පු වූ කෝටි ගණන් වංචා පිළිබඳව කවදාවත් පරීක්ෂණයක් වත් පැවැත්වුනේ නැති බව මතක් කරගන්න. වෙනස සිතුවාට වඩා අළු පැහැතිය. එහෙත් තිබූ තරමට කට්ට කළු නැත.

:       640       648

upali Thursday, 26 October 2017 02:25 AM

මේ දෙපැත්තේම ඉන්නේ හොරු ඒ නිසා හොරු රකින්න හොරු ඉදිරිපත් වෙනවා පොලිස් පති තුමනි නිතිය හරියට කරන්න පක්ස පාටනැතිව

:       0       65

lift opetater Thursday, 26 October 2017 02:36 AM

ඇති වෙන්න මඩ නාලාඉන්න පොලිස්පති කූඩුකරන්නයි ඔය හදන්නේ මේක ලෝකෙම බලා ගෙන ඉන්නේ

:       17       65

appuva Thursday, 26 October 2017 03:18 AM

මන් කඩේ යනවා ඕව හදපු බොරු අපේ පොකට්ටුවට ගැහුවේ රවී මහත්තය නොවේ සන්දානේ බුදු සරණේ රටකට ගිය කල මන් කඩේ යනවා හාල් 250 පොල් (බැයක්) ගෙනෙන්න දවලට කන්න

:       0       76

jayampathi Thursday, 26 October 2017 05:05 AM

අනිකා විජේසුරිය ඉඳල තියෙන්නේ බාලි දුපතේ නිවාඩුවක් ගත කරමින් එහි සිටින ගමන්ම ඇය ඊළඟ නිවාඩුවක් සඳහා එංගලන්තයට යන බව ටුවිටර් සටහනක් තබා තියෙනවා පසුව ඇය ලංකාව හරහා දවසක් මෙහි ගත කර ඔක්තෝබර් 6 එංගලන්තයට ගොස් තිබෙනවා , නමුත් ඇයගේ ඔය ජීවිත තර්ජන දුරකථන ඇමතුම ඔක්තෝබර් 13 අපු එකක් ලු , ඉතින් අර රන්ජන් රාමනායක කියනවා වගේ මේකත් මුදලට නඩු නිම්ති වෙනස් කරන අයගේ වැඩක් බව පැහැදිලියි. ඇයගේ නිවාඩු ගැන ෆේස් බූක් සටහන් අන්තර්ජාලයේන් බැලීමට පුළුවන් .

:       25       82

prabathThursday, 26 October 2017 07:12 AM

ජයම්පති ඊළඟට කියයිද දන්නේ නෑ අනිකාගේ මාලිගාව අලෝසියස් උන්නැහේ රවිට අරන් දුන්නේ නැහැයි කියල...

:       0       16

athula Thursday, 26 October 2017 06:39 AM

රට 3 වෙනි පාර්ශවයකට බර නොදුනහොත් ඉදිරි වසර 5න් පසු රටට වෙන දෙය හිතා ගන්නවත් බැහැ මුන් දෙගොල්ලම කරන්නේ එකම දෙයනේ හොරකම් තක්කඩි අපරාද අවනීතිය මේවා දෙගොල්ලම නැහැ නැහැ කියා කියා ඇස්පනාපිට පෙනී පෙනී කරන දේවල් අපේ රටේ මිනිස්සු පට කන්නාඩි වලින් මේවා දෙස බලනතුරු මුන් මේ අය තක්කඩි කම් කරනවා

:       0       0

සිංහවංශ Thursday, 26 October 2017 09:53 AM

අඹ ගෙඩි 3 ක් සොරකම් කල ගැහැනියක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන රටේ, මහාපරිමාණයෙන් අල්ලස් දීම්, අල්ලස් ගැනීම්, බැංකු වංචා, බදු ගෙවන්නන්ගේ මුදල් වංචා සහගත ලෙස අයිති කරගැනීම, එසේ කිරීමට ඉඩ විවර කරදීම, රහස්‍ය තොරතුරු විකිණීම, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවල යෙදීම සහ එවන් ක්‍රියා වසන් කිරීමට සාක්ෂි සපයන්නන්ට මරණ තර්ජන කිරීම ඉතා භයානක අපරාධ ගණයට ලා සැලකේ. එම චෝදනා ලද්දන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනේ. වරක් ද්‍රෝහී වූ ඔවුන් නැවත ද්‍රෝහී නෙවෙයි කිසිවෙකුත් ඇප නොවන හෙයින් නැවත මහජන නියෝජිතයන් වීම වැලක්වීමට ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබේ. ඔවුන් රටින් පිට කර ඇත්තේ වංචා කරන ලද මුදල් බැවින් ඒවා නැවත මෙරටට වහාම රැගෙන එනු ඇත...! මිතුරු මිතුරියනි ... මේ මා දුටු සිහිනයකි. කිසිවෙක් කලබල නොවන්න..!!!

:       0       3

සෙනෙවි Thursday, 26 October 2017 12:29 PM

පොලිස්පතිතුමාත් දෙශපාලනඥයෙක් නිසා එහෙම බලපෑමක් අවශ්‍ය වන්නෙ නෑ.

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 388 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 103 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 60 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 418 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 445 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 157 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site