IMG-LOGO

ප්ලාස්ටික් භාණ්ඩ 9 ක් තහනම් කරයි

(යොහාන් භාසුර)

වරක් පමණක් භාවිතා කරන ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක්  ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වරක් පමණක් භාවිතා කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික්, මල්මාලා සහ ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන භාණ්ඩ මෙසේ තහනම් කර තිබේ.

එම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිය ක්‍රියාත්මක වේ.



අදහස් (7)

ප්ලාස්ටික් භාණ්ඩ 9 ක් තහනම් කරයි

Nalin Wednesday, 23 August 2023 05:08 PM

හොඳ වැඩක්...!

:       0       38

Mannapperuma Wednesday, 23 August 2023 05:56 PM

මිනිස්සු බඩගින්නේ රජයට ප්‍රශ්නේ ප්ලාස්ටික්...!

:       27       4

Nihal Wednesday, 23 August 2023 06:04 PM

ප්ලාස්ටික්, පොලිතින් සිලිබෑග් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි... රේල් පාර දෙපස නගර කාණු ලක්ෂ ගණනින්, අපි ගල්කිස්සේ මුහුදු වෙරළට ගිහින් ආපසු ආවා නම් තවත්... මොන කතාද රටම අපායක්... ජපන් සංචාරකයින් ලංකාවට නොඑන්න හේතුව ඔවුන්ගෙන්ම අහලා බලන්න...!

:       1       33

මහසෙන් Wednesday, 23 August 2023 07:55 PM

නියම වැඩක්. නැතිනම් අයිස්ක්‍රීම් කෝටුවත් ප්ලාස්ටික් වලින් එයි. ඉස්සර යෝගට් අයිස්ක්‍රීම් කප් කාඩ්බෝඩ් වලින් තිබ්බෙ . යෝගට් හැඳි ලී වලින් . දියුණු රටවල් තවම ඒ විදිහට පාවිච්චි කරනව.

:       0       4

පැරකුම් Wednesday, 23 August 2023 10:30 PM

මොනවද මේ පිස්සු කතා. කවුරු රවට්ටන්නද? මේ කීවෙනි සැරේටද? අපි බලා ඉන්නවා රජය සපයන විහිලු වලට හිනා වෙන්න…!

:       0       4

PinnawLa Thursday, 24 August 2023 11:46 AM

නීතිය දැම්මා .විකල්පේ

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 24 August 2023 06:03 PM

කීවෙනි සැරේටද ප්ලාස්ටික් තහනම් කෙරුවේ. කිසිම විකල්පයක් නැතුව වැඩ පිලිවෙලක් නැතුව ඔහේ කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site