ප්ලාස්ටික් තරාදි යොදාගෙන වෙළහෙළදාම් සිදු කිරිම සපුරා තහනම් බවත් එවැනි තරාදි අත්අඩංගුවට ගෙන වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මෙවැනි තරාදිවලින් කිරුම් මිනුම් සිදුකෙරෙන ආහාරපාන ද්‍රව්‍යයන් යනාදිය මිලට ගැනීමෙන් වළකින ලෙසට එම දෙපාර්තමේන්තුව පාරිභෝගිකයින්ට අවවාද කරයි.
මුද්‍රා තැබු තරාදි වෙළඳපොළේ අලෙවි කැරෙයි. එවැනි තරාදි මිලදී ගෙන කිරුම් මිනුම් කටයුතු වල නිරතවන ලෙසට එම දෙපාර්තමේන්තුව වෙළඳුන්ට තරයේ ම දැනුම් දෙයි.
තමන් මිලට ගන්නා භාණ්ඩයේ නිසි බර ඇද්දැයි තහවුරු කර ගැනීම පාරිභෝගිකයින් සතු අයිතිවාසිකමක් බවත් ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මේ හා සම්බන්ධ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය පාරිභෝගිකයකුට 011- 2587199 දුරකථන අංකය වෙත පැමිණිල්ල දැනුම් දීමට පිළිවන් බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්ලාස්ටික් තරාදියට තිත
සඳුන් Wednesday, 13 May 2015 07:33 AM
සමහර වෙළඳුන් ගෘහස්ත (ව්‍යාපාරික නොවූ) තරාදි වලින් කිරනවා අපි දැක තියෙනවා. කියන්න කෙනෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ නිසා අපිත් ඔහේ ඉන්නවා. අපි දැන් නිවැරදි වෙමු. නීතිය ක්‍රියාත්මක කරන්න. තරාදිය නිවැරදිද බලන හැටිත් ජනතාව දැනුවත් කරන්න (බ)
අනුර Wednesday, 13 May 2015 09:46 AM
හොඳ වැඩක් ! ගොඩක් වෙළෙන්දෝ නගර වල පදික වේදිකා වල අඩුවට කිරන තාරදී අරගෙන මිනුම් දණ්ඩ වෙනස්කර පාරිභෝගිකයාව රවටනවා. විශේෂයෙන් මාළු, එළවලු , සහ සිල්ලර භාණ්ඩ.ඉලෙක්ට්‍රොනික් තරාදි භාවිතය ඉතාම සුදුසු විසඳුමයි (නි)