
(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.
ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි.
ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.
ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.
ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.
මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑලියගොඩට වනාන්තරයක්
Pankumburage Sunday, 30 March 2025 06:11 PM
ඔය වැඩේට සුදුසුම තැන පෑලියගොඩ තමයි. ගස් ටික ලොකු උනාම නවලෝක ලී මෝලටම දෙන්න පුළුවන්.
MahSen Sunday, 30 March 2025 08:06 PM
High tension යට නොවෙයි නේ, ගස් හිටෙව්වේ.
SL Sunday, 30 March 2025 08:53 PM
ඔහොම යං. කොහොම හරි diesel වාහන වලට DPF filters දන්න ගත්තොත් කාලු දුමාරය නවත්වන්න පුළුවන්
Ranika Monday, 31 March 2025 01:40 AM
රිලව් ටික මේකට දාන්ඩ උනත් පුළුවන් නොවැ
ලංකාවේ අපි Monday, 31 March 2025 01:32 PM
මේකේ ගොං අදහස් දාලා තියෙනවා දැකලා ඇත්තටම පුදුමයි. මේ ලිං ගෙඹි එක්ක ඉදිරියට දියුණු සමාජයක් කොහොම ඇතිකරන්නද කියලා. තමන්ගේම දරුවෝ ගැන වත් වගේ වගක් නැති රටේ ඉදිරි සමාජය මේ අයුරින් හරි යහපතට බිදින් බිද හෝ ගැනීමට දරණ යහපත් උත්සාහයක් මේ. හැබැයි අර නයෙක් වතුර දෙබෑ කරං එනවා කීවොත් ලැබෙන ප්‍රසිද්ධිය මේවාට නෑ...