IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලොන්නරු දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති

(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට  ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 - 2021 වර්ෂ වලදී මෙම තත්වය අඩුව පැවති බවත් ඉන් පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් කීය.

මේ අනුව එම තත්ත්වය සියයට 15 - 20 දක්වා ඉහළ ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවති මෙම කමිටු රැස්වීමෙදි ඉකුත් මැයි මස නව වැනිදා ඝාතනයට ලක්වූ මෙම සංවර්ධන කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සිහිකරමින් විශේෂ ශෝක ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කළ අතර විනාඩි නිශ්ශබ්දතාවයෙන් පල කලහ.

අනතුරුව ශෝක ප්‍රකාශන නිකුත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී ශෝකයට පත් පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ යූ.ජී.යූ.එස්.කේ වික්‍රමආරච්චි සභාපතිවරයා  අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳව දෑසේ කඳුළු පිට කරමින් සිදු කළ කථාව ද මෙම සංවර්ධන කමිටුවේ වෙ විශේෂ අවධානයට ලක් වූ දර්ශනයක් විය.

 



අදහස් (3)

පොලොන්නරු දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති

දිමුත් Thursday, 10 November 2022 05:59 PM

දැන් අර සෞඛ්‍ය ඇමති මොකද කියන්නෙ?

:       0       0

සඳුන් Thursday, 10 November 2022 06:07 PM

මන්දපෝෂණය වැඩිවුණා කියන ප්‍රකාශයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතුමාවත් ගෙදර යවන්න ඉඩකඩ තියනවා. හරියට බෙහෙත් ටික බෙදා ගන්න බැරිවුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෙරුමන්ට තියෙන මහන්තත්වය උපරිමයි.

:       0       0

Sunil Friday, 11 November 2022 06:53 AM

ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන මේ රාජ්‍ය නිලධාරීන්ට මගේ ප්‍රණාමය පුද කරමි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site