
(නිමල් ජයරත්න)
පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට අද කටයුතු කළේය.
වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුවේ පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින පවුල් 25,000 කි.
පොළොන්නරුව මහ රෝහල මෙන්ම රාජ්‍ය ආයතන රැසක සේවකයන්ට පානීය ජලය අඛණ්ඩව ලබාදීම මෙම පියවර ගත්තේය.
ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් සහ මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවුරේ වැලි ගොඩ දමන කම්කරුවන්,මංකඩහිමියන් මනම්පිටිය මහවැලි ගඟ ආශ්‍රිතව තිබෙන ප්‍රධාන පොම්පාගාරයට ජලය එක්රැස් කිරීමට වැලි කොට්ට දමා ගලායන ජලය ආරක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් 31 වෙනිදා ක්‍රියාත්මක කළහ.
වැලි කොට්ට දමා ජලය එක් රැස්කර මනම්පිටිය මහවැලි ගග තුළුමුව හරහා අඛණ්ඩව ජලය ලබාදීමටත්, ඉදිරියේදී ඇතිවන පානීය ජල අර්බුදය පියවා ගැනීම සඳහා යම් විසඳුමක් වශයෙන් මනම්පිටිය මහවැලි ගඟ හරස් කර දැනට ගලා එන වතුර මුහුදට යාමට ඉඩනොදීමට මෙම පියවර ගත් බව ජාතික ජල සම්පත් මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු රන්ජන් අමරසිංහ මහතා සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි
Bamunuarachchi Friday, 01 September 2023 12:28 AM
අහසින් වැටෙන එක වැහි බින්දුවක්වත් වැඩක් නොගෙන මුහුදට යවන්න එපා...
චින්තක Friday, 01 September 2023 06:06 AM
වැලි කොට්ට දැමීම අතීසාරයට අමුඩ ගැසීමක් නොවෙයිද? ඔය ප්‍රශ්නය ස්තිරව විසඳීමට හැකියාවක් නැද්ද?
සල්ලි Friday, 01 September 2023 07:20 AM
ඔය වැඩේට දේශපාලනේ ගාව ගන්න එපා ඕකුන්ලා හත් පොලේ ගාගෙන නාගන්නවා..