IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු

(චාපා මධුභාෂිණි සහ නිමල් ජයරත්න) 

පොලොන්නරුව නගරාසන්නයේ ලැගුම්හලක කලක් තිස්සේ නතර වී  සිටි අඹු සැමි යුවළක් මත් කුඩු, මුදල් රන් ආභරණ සහ දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

කළුතර අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමිය යුවළ කලක පටන් මෙම ප්‍රදේශයේ නතරවී ඊෂි කෑස් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇතැයි මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 33 වැනි වියේ පසුවන කාන්තාව මාස හයක ගැබිණියක බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු 38 හැවිරිදි බව ද වාර්තා වේ. මාස පහක් පමණ තිස්සේ මෙම ලැගුම්හලේ නවාතැන්ගෙන මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සතුව තිබූ රුපියල් 19,31,000ක මුදලක්, රන් ආභරණ විශාල ප්‍රමාණයක්, ත්‍රිරෝද රියක්, ඡංගම දුරකතන හතරක්, මත්කුඩු ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 600ක් සහ සිම් කාඩ් හතරක් සොයාගත් බව ද පොලිසිය කියයි.

සැකකරු 2007 වසරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපරාධයක සම්බන්ධ බවත් පොලිස් වෙඩි පහරකට ලක්ව ඇතැයි ද  පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site