පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. පසුගිය 12 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රෙස්වෝඩෝව් ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවේය.
මිසයිල ප්‍රහාරය එල්ල වුණු සැණින්, එය එල්ල කළේ රුසියානු හමුදාව යැයි චෝදනා එල්ල විය. පෝලන්ත විදේශ අමත්‍යාංශය එරට සිටින රුසියන් තානාතාපති කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජය තරයේ කියා සිටියේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ රුසියානු හමුදාව බවය. එහෙත්, තමන් එම මිසයිල ප්‍රහාරය එල්ල නොකළ බව රුසියන් හමුදාව තරයේ කියා සිටියේය.
එම අවස්ථාවේදී පෝලන්ත අග්‍රාමාත්‍ය අන්ද්‍රේස් ඩූඩා කියා සිටියේ තමන් ඉක්මන් තීරණවලට එලඹෙන්නේ නැති බවත්, නේටෝ විමර්ශන කටයුතු අවසන් වනතුරු බලා සිටින බවත්ය.
පෝලන්තය ‘නේටෝ’ සාමාජික රාජ්‍යයකි. ‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ‘නේටෝ’ සංවිධානය යුද සංවිධානයක් වන අතර එය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් බටහිර රටවලට එල්ල වන තර්ජන පිටුදැකීමටය. ‘නේටෝ’ සාමාජික රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, සෙසු සාමාජික රටවල් එම රටේ ආරක්ෂාවට පැමිණෙයි.
ඒ අනුව, පෝලන්තයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවැසීය. පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු නේටෝ ප්‍රධානී ජෙන්ස් සොල්ටෙන්බර්ග් කියා සිටියේ මිසයිලය යුක්රේන හමුදාව විසින් එල්ල කරනු ලැබූවක් බවත්, එය අත්වැරදීමකින් ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වී ඇති බවත්ය.
එසේ වුවත්, නේටෝ ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් ද රුසියාවට චෝදනා කර තිබේ. යුක්රේන හමුදා මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ රුසියාව යුක්රේන නගරවලට මිසයිල ප්‍රහාර එල්ල කරන බැවින් යැයි නේටෝ ප්‍රධානියා පවසා ඇත්තේ යුක්රේන රජයට සහ හමුදාවට සහාය පළ කරමිනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක්
ravin Thursday, 17 November 2022 01:27 PM
ඌ මට ගැහුවා , මම උට ගැහුව ? දැන් කවුද ගුටිකාලා තියෙන්නෙ? එක අත් වැරැද්දක් හැබැයි වරදක් නොවෙ?
Nimal Thursday, 17 November 2022 02:42 PM
ඔකම කියයි පරමානු බොම්බයක් ගහලත්... ඒක අත්වැරැද්දක්.. කමක් නෑ කියල... බලාගෙන ගියහම එහෙත් එකයි මෙහෙත් එකයි..
ganegoda Friday, 18 November 2022 11:14 PM
රුසියාවයි ඇමරිකාවයි කොටවන්න යුක්‍රේනයෙන් ගහපු සැලැස්මක්