සිය ටෙස්ට් දිවියේ පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් වර්නන් පිලැන්ඩර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවමින් සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. මෙම තරගයේදී ලද ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.
පළමු ඉනිමේදීම අසාර්ථක වූ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 231 ක ඉලක්කයක් කරා යාමේ අභියෝගයක් ලැබිණ. එහෙත් ලකුණු 37 ක් තුළදී ඉදිරි පෙළ කඩුලූ හතරක්ම අහිමි කරගත් ශී‍්‍ර ලංකා පිලට අඩුතරමේ සිව්වැනි දිනය දක්වාහෝ තරගය ගෙන යා නොහැකි විය.
මහේල ජයවර්ධන, ලකුණු 15 ක් ලබා සිටියදී ජැක් කලිස්ගේ පන්දුවක් හමුවේ සිය 10,000 වැනි ටෙස්ට් ලකුණු කරා දිවගියද, සැණෙකින් ඉදිරියට දිවැවිත් පන්දුව අහුළාගත් කලිස් එය පන්දු යවන්නාගේ අන්තයට දමා ගැසුවේ මහේලගේ ගමන ලකුණු 9999 න් නතර කරමිනි.
වේග පන්දු යවන්නන්ට අගනා සහයෝගයක් දුන් කඩුලූ රකින කී‍්‍රඩක මාක් බවුචර්, ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී උඩපන්දු හයක් රැකගනිමින් ශී‍්‍ර ලංකා පිල ලකුණ 150 කට සීමා කිරීමට විශාල මෙහෙවරක් කළේය.
ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ යම් තරමකට හෝ කෙලින් සිටියේ තිලාන් සමරවීර (32) සහ පසුපෙළ පිතිකරුවන් පමණි. කෞෂාල් සිල්වා (17), තිසර පෙරේරා (21) සහ රංගන හේරත් (23) කෙතෙක් උත්සාහ කළද ඉනිමක පරාජයෙන් ගැලවීමේ ඉසව්ව කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන යා නොහැකි විය.
තරගය පුරාම ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ වර්නන් පිලැන්ඩර් දෙවැනි ඉනිමේදීත් ලකුණු 49 කට කඩුලූ 5 ක් දවාගත් අතර මෙම තරගයේදී ලකුණු 102 කට කඩුලූ 10 ක් බිඳ දැමීය.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිලැන්ඩර් ශී‍්‍ර ලංකා පිල අසරණ කර දමයි