
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් තේ සහ කිරිතේ මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 50 ක්ව තිබූ තේ එකක් රුපියල් 30 ක් දක්වා ද, රුපියල් 120 ක්ව පැවැති කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (6) පැවසීය.
තේ සහ කිරිතේවලට පාලන මිලක් පනවන ලෙස ඉල්ලා සිටීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වන බවත් එසේ පාලන මිලක් පැනවුවහොත් ජනතාවට ඕනෑම හෝටලයකින් බියකින් සැකයකින් තොරව තේ එකක් බීමේ හැකියාව ඇති බවත් අසේල සම්පත් මහතා කීය.
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අඩු කිරීම වඩාත් හොඳ ප්‍රවණතාවක් බව කී අසේල සම්පත් මහතා සඳහන් කළේ එම අඩු කිරීමේ වාසිය ලබාගෙන හෝටල් හිමියන් නැතවත් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්ලේන්ටියට පාලන මිලක් ඉල්ලයි
බද්රානි Thursday, 06 October 2022 06:58 PM
මම අහන්නේ, ලංකාවේ දේශප්‍රේමියෝ, රණවරාමල් හෝ බෙලිමල් පානය නොබී සුද්දෝ හිටවපු තේ බොන්නේ ඇයි කියලයි. එක අතකට මේ රටේ පව්කාරයින්ට කසල තේ එකක් වත් අඩු මුදලකට බොන්න නැහැ. ලංකාවෙ වැව්වත් හොඳම තේ බොන්න සුද්දන්ට තවමත් පින තියනවා.
BamunuarachchiFriday, 07 October 2022 06:57 AM
1. රණවරා මල් වතුර හෝ බෙලිමල් වතුර බීමෙන් තේ බීම නිසා ශරීරයට ලැබෙන ක්ෂණික උද්ධීපනය ලැබෙන්නේ නැහැ. මහන්සිවෙලා වැඩකරන මිනිස්සු කහට එකක් බොන්නේ ඒ නිසායි. 2. ලංකාවේ තේ බොන ප්‍රමාණය අනුව කොහෙන් රණවරා මල් හා බෙලිමල් හොයන්නද? 3. නියම විදිහට තේ බොන්න දන්නේ සුද්දෝ විතරයි. ගෙදරකට ගියාම තේ කියලා ලැබෙන්නේ අයිස්ක්‍රීම්. එතරම්ම සීනි හා පිටිකිරි අඩංගුයි. අපිටත්, සිල්වර් ටිප්ස් කියන තේ කිලෝ එකකට රු 24000ක් වියදම් කරන්න පුළුවන් නම් හොඳ තේ බොන්න පුළුවන්. 4. තේ වල රසය දැනෙන්නේ දිවේ දෙපැත්තට. ඒ නිසයි ටී ටේස්ටර්ලා ටී ටෙස්ට් කරන වෙලාවට දිවේ දෙපැත්තට යන්න තේ එක උරන්නේ. එසේ රසය දැනෙන විදිහට අපි තේ බොන්නේ නැහැ. තේ බීමත් කලාවක් වගේම සයන්ස් එකක්. කඩේ තේ එකක් බීලා ඒ ජොලිය ගන්න බැහැ.