IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පෑලදිග සබේ අලි සෙල්ලම්

රජයේ විදේශ ප්‍රතිපත්තිය ගැන බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ගෙන ආ යෝජනාවක් විවාදයට ගනිමින් සිටිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව යෑම නිසා අද (21) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීම උණුසුම් විය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යෑමත් සමඟ එහි ගණපූර්ණය නැතිවූහෙයින් මුලසුනේ සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා සභාව කල් තැබීය.

ඒ සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු හූ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විරෝධය දැක්වූහ. සෙංකෝලය ද ඉවතට ගෙන යෑමට උත්සාහ ගත්හ.

 සභාව කල්තැබීමෙන් පසු ද විපක්ෂ මන්ත්‍රීවරු එහි රැඳී සිටිමින් සභාව පවත්වාගෙන ගිය අතර සභාපති අසුන ඉදිරිපිට සිටගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සභාව මෙහෙයවීය.

simg 2014-10-21 2014-10-21-3 DSC_7874



අදහස් (0)

පෑලදිග සබේ අලි සෙල්ලම්

ගයාන් Wednesday, 22 October 2014 03:28 AM

යු.එන්.පී විදේශ ප්‍රතිපත්තියේ මහිමය නිසා තමයි කොටි වියාපාරය බලවත් උනේ. ජේ.ආර් 1977 දී ඉන්දියාවට පයින් ගස ඇමරිකාව වෙළඳ ගත්තා. කෝපවූ ඉන්දියාව තමිල් නඩුවේ කොටි පුහුණු කලා. 1983 දෙමල අහිංසකයන්ට ගහන්න දුන්නා. දෙමල ඩයස්පෝරාව හැදුවා දැන් මේ ආණ්ඩුවට බනිනවා (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 22 October 2014 03:58 AM

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හොරු සමග හෙළුවෙන්. අපිත් මෙතෙක් කල් හිතන් හිටියා වැරදියි? යුරෝපයේ සිටින සිංහලයින් විදියට රෙද්දක් ඇදගෙන පාරේ යන්න බැහැ දැන්. සිංහල ජාතියට අබ සරණයි (නදී)

:       0       0

අබේපාල Tuesday, 21 October 2014 02:45 PM

මේ දෙගොල්ලෝම හැසිරෙන්නේ හරියට මානසික රෝගීන් වගෙයි (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 21 October 2014 09:57 AM

හොඳ ආදර්ශයක් රටටම.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 October 2014 09:57 AM

ලජ්ජා හිතෙන්න ඇති.(හේ)

:       0       0

නුවන් Tuesday, 21 October 2014 04:48 PM

ලංකාවේ හැමතැනම අවුල් තමයි දැන්. ඉදිරියේදී හොඳ සෙල්ලම් බලන්න පුළුවන්!! (නි)

:       0       0

විචාර Tuesday, 21 October 2014 10:19 AM

පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලං වගේ ඒවා කරලා පුරුදු වෙන්නේ මේවට වෙන්න ඕන නේ.? (නදී)

:       0       0

හසිත Tuesday, 21 October 2014 12:10 PM

රාජකරුණා මන්ත්‍රී තුමා උගත් දක්ෂ මන්ත්‍රී තුමෙක්, සුබ අනාගතයක් වේවා. (නදී)

:       0       0

උපාලි Tuesday, 21 October 2014 11:08 PM

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත්වයාම නිසා සබාව උණුසුම් නෙමෙයි හීතල වෙන්න එපායැ. කොහොම වුණත් මෙහෙම කට්ටිය එකපොරේට ඉන්නවා දැක්කහම හරි ආශා හිතෙනවා, අනේ කොයිතරම් සහෝදරකමින්, ළංවෙලාද ඉන්නේ කියලා. අනේ ඉතින් අපි වෙනුවෙන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1643 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site