IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කළ කඩයක් වටලයි

(යොහාන් භාසුර)

පොල්තෙල්වලට ෆාම්ඔයිල් මිශ්‍රකර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් සැපයූ කුලියාපිටිය, තෙල්බදුගම්මන ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් වටලා එහි අලෙවි කිරීමට නියමිතව තිබූ පොල්තෙල් ලීටර 2,000 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම තාවකාලිකව අත්හිටු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුල පිහිටා තිබෙන තොග වෙළදසැලක පොල්තෙල්වලට පාම් ඔයිල් මිශ්‍ර කර විකුණන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් වැටලීමක් කළ බවත් ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදසලට පොල්තෙල් රැගෙන විත් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පොල්තෙල් නිෂ්පාදන ආයතනයකින් යයි හෙළිවූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම වෙළදසලෙන් පොල්තෙල් සහ ෆාම් තෙල් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇත්තේ තෙල් පිරවූ එකම ටැංකියකින් බවට ද තොරතුරු අනාවරණයවී ඇති බව කී එම උසස් නිලධාරියා එම වෙළදසලෙන් සිල්ලර වෙළදසල්වලට අලෙවි කරන තෙල් කෑන්වල අදාල තෙල්වල නිෂ්පාදන තොරතුරු කිසිවක් සටහන්ව නොතිබූ බව ද සඳහන් කළේය.‍ෙ

 



අදහස් (3)

පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කළ කඩයක් වටලයි

Mr. Sunil Samarasinghe - Sunday, 27 July 2025 05:15 PM

මිනිස්සුන්ට වස කවන එක අපරාධයක්. මෙව්වාට නීති අලූත් කරලා උපරිම දඬුවම් දිය යුතුයි. උසාවි දාලා දඩයක් නියම කරලා වැඩක් නැත...

:       0       14

කමල් Sunday, 27 July 2025 08:08 PM

පොල්තෙල් බෝතලේ ගානයි, පොල්ගෙඩි වල ගණනුයි බැලුවාම පොල්තෙල් කලවම් නැත්නම් ඒවා විකුණනවා ඇත්තේ 75%ක් විතර අතින් කයිට් කරගෙන පාඩුවට...!

:       5       5

ෆාම් ඔඉල් Tuesday, 29 July 2025 05:42 AM

Palm oil වලට පාම් ඔයිල් කියාගන්න බැරුව ෆාම් ඔයිල් කියල කියන එක එකක්. ඒක ෆාම් ඔයිල් කියල ලියන එක අමුතුම පිස්සුවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site