(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඉදි කරමින් පවතින දෙමහල් නිවසක ඉහළ මාලයේ පිටත බිත්තියක් පලංචියක ආධාරයෙන් කපරාදු කරමින් සිටියදී එක්වරම පය ලිස්සා අඩි විස්සක පමණ උසක සිට බිමට වැටුණු පෙදරේරුවකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ වටරැක යොවුන්ගම අංක 95 හි පදිංචි කන්දේ ගමරාළලාගේ රංජිත් (64) ඇවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා තවත් සහායකයකු සමග ගොඩගම කිරිමැටිය වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකරන දෙමහල් නිවසක පෙදරේරු වෘත්තියෙහි යෙදී සිට ඇති අතර එහි උඩුමහලේ පිටත බිත්තියක් පලංචියක ආධාරයෙන් කපරාදු කරමින් සිටියදී එක් වරම පය ලිස්සා මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලංචියෙන් වැටී පෙදරේරුවා මරුට