අසත්‍ය වාර්තා පළ කිරීම නිසා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මාධ්‍යවේදීන්ට තහනම් කළ බව පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහතා පවසයි.
සභාපතිවරයාගේ කැබ් රථයේ අලුත්වැඩියා කටයුතු සඳහා වැය කළ රුපියල් එක් ලක්ෂ හත්දාහක බිල් පතක් පිළිබඳව හා ප්‍රමිතියෙන් අඩු සී.එෆ්.එල් බල්බ මිලට ගැනීම පිළිබඳ මන්ත්‍රීවරුන් මතු කළ කරුණු මාධ්‍යයේ පළ විය.
සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මුදල් සම්බන්ධව මුදල් කාරක සභාවේ අනුමැතිය අනුව කටයුතු කර ඇති බවය. මේ පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා මුහුණ දීමට තමා සූදානම් බවත් ඔහු පවසයි.
මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් විජේවර්ධන මහතා මුදල් කාරක සභාවට නොපැමිණි බවද සභාපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ගහවෙල සභාපතිට මාධ්‍ය භීතීකාවක්
පෙරේරා Monday, 01 September 2014 07:20 PM
ඔතන විතරක් නෙමෙයි, රට පුරහම මුල්‍ය අක්‍රමිකතා වංචා, දූෂණ වැහිවැහැලා. මිනිස්සු හූල්ල හූල්ලා ඉන්නවා. ඊටපස්සේ එන ඡන්දෙට වංචා වලට සම්බන්ධ අයටම ඡන්දෙ දීලා ඒ අයව බලයට පත්කර ගන්නවා. ඊට පස්සේ නැවතත් වංචා ගැන කන්කෙඳිරි ගගා ඉන්නවා. රටේ මිනිසුන්ට මොළය පෑදිලා නුසුදුස්සන්ව බලයට පත්නොකරන තුරු ලංකාව ඔහොමමයි. (නි)
චමින්ද Monday, 01 September 2014 08:44 PM
කට්ටිය මාධ්‍යයට ඔයතරම් බය මොකද? ඉදිරියේදී තියෙන බය තවත් වැඩිවේවි. (නි)
උපාලි Monday, 01 September 2014 09:47 PM
අපි මොකට කලබල වෙනවද? (නි)
ලලින්ද්‍ර Wednesday, 03 September 2014 06:08 AM
මෙතුමා සබාපති උන හැටි මුළු පොල්ගහවෙලම දන්නවා. විශේෂයෙන් උප සබාපති තුමත්. නිලන්ත පොළ හදන කොන්ත්‍රාත් එකත් ප්‍රාදේශීය සබාව වටේ තාප්පේ සහ කාණුවේ කොන්ත්‍රාත් එතුමාට අරන් දුන්නේ ඔබගේ නමින්ද (නදී)
චමින්ද අබගම්මන Tuesday, 02 September 2014 03:17 AM
මම ලිවේරා මහතා ගැන දන්නා කෙනෙක්. එතුමා හොඳ අවංක දේශපාලකයෙක්. ඉතාම සුළු දේවල් ගැන මොහුට බොරුවට මඩ ගහනවා (නදී)
කුමාර් Monday, 01 September 2014 12:09 PM
බොහෝ සභාපතිලා දැන් හැසිරෙන්නේ ජළභීතීකාව හැදිච්ච සුනකයෝ වගෙයි. ලොක්කන්ගේ හයිය තමා වෙන මොනවද? (නදී)
ධම්ම Monday, 01 September 2014 12:13 PM
චෝදනා නැති ප්‍රාදේශීය සභාපතිවරයෙක් නම් කරන්න කියා ඕනෑම ජගතෙකුට මා අභියෝග කරනවා.(නදී)
ඉසුරන්දි Monday, 01 September 2014 01:55 PM
වරදක් කරලා නැත්තම් මොනවට බයවෙනවද? (නි)
කවීෂා Monday, 01 September 2014 01:56 PM
අද පුවත්පත් වල ගොඩක් පිරිලා තියෙන්නේ මේ වගේ දේවල්. (නි)
නිලන්ත Monday, 01 September 2014 03:11 PM
එතුමා හොඳ අවංක දේශපාලකයෙක්. මම එතුමාට සුබ අනාගතයක් පතනවා (නි)
සදුනි Monday, 01 September 2014 03:38 PM
ටික ටික හරි හොඳ වැඩ වලට හිත යන්නෙම නැහැනේ. නේද? (නි)
කරුණාජීව Tuesday, 02 September 2014 08:26 AM
බන්දුල පෙරේරා,ඔබ හරියට හරි. ලංකාවේ මිනිස්සු නිදහස ලැබුණුදා පටන් කළේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. (නි)