
(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරිය ආරච්චි)
අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි මෙම සැරයන්වරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් පැමිණෙන සහ පිටවන දොරටුව අසල රාජකාරියේ නිරත වී ඇත.
එලෙස රාජකාරී නිරතව සිටින අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවෙකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී එකවරම පලාගොස් ඇති අතර, ඉහත පොලිස් සැරයන්වරයා සහ බන්ධනාගාර නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත භාරදීමට කටයුතු කළ සැරයන්වරයා පසුව ඔහුගේ රාජකාරි ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ඒ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී ඇත.
පසුව පොලිස් නිලධාරින් සමග සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය පරීක්ෂා කළද ගිනි අවිය හමුවී නොමැත.
මීගමුව මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2108
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන්
Bunny Preena Wednesday, 06 August 2025 10:59 AM
පොලිසිවලට නිකුත් කරලා තියෙන්නේ හොඳ ඉහළ වර්ගයේ හොල්ස්ටර්... එහෙම ලේසියෙන් ගැලවෙන්න විදිහක් නෑ. ගන් බෙල්ට් එකක් හරියට ඉනේ බැඳගන්න දෙන්නේ නැති පොලිස් නිලධාරියෙක් වත්ද? මේක බරපතළ කාරණාවක්...!