
(ආරියරත්න රණබාහු )
මේ රටේ වත්මන් අර්බුදයට හේතුව දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න නම් එය විසඳා ගත යුත්තේත් දේශපාලනය තුළින්ම යැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය
යාපනයේ වාලම්පුරි සංගිලියම් ශාලාවේ දී ඊයේ (04)පැවති ලංකා ගුරු සේවා සංගමයේ යාපන දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ බව කී දිසානායක මහත එහිදි මෙසේද කීය
මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට නම් අපි සාමූහික ප්‍රයත්නයක් දරමු. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නෙ නැති රටක් අපට අවශ්‍යයි අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩ නගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි අපට නව දේශපාලනයක් අවශ්‍යයි අපි යෝජනා කරන්නේ අන්න ඒ නව දේශපාලනයට එකතුවෙන ලෙසයි.
අපි ගනුදෙනුකරුවෝද මා වෙළෙන්දෙක් නොවෙයි. අපිට ජන්දෙ දෙන්න කියලා මම කියන්නේ නෑ. මම යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට අපි සාමුහික ප්‍රයත්නයක යෙදෙමු කියලයි.
මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. උතුරේ ජනතාව ජනාධිපතිවරණවලට උනන්දු නොවන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක කොළඹ නායකයෙක් පත්කරන එක සිංහල ජනතාවගේ වැඩක් කියන අදහසක් ඔවුන්ට තිබෙනවා.
නමුත් මේ රටට නායකයෙක් තෝරා ගැනීමේදී උතුරේ ජනතා වගේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍ය යැයි අප සිතනවා යැයි ද ඒ මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලකයන් ඇති කළ අර්බුදය ’’පාලකයන්ම’’ විසඳිය යුතුයි
විජිත් Friday, 05 April 2024 03:45 PM
ජාතික ජනබලවේගය රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනාව !!! මාලිමාවට ජයවේවා !!!
Chandana Friday, 05 April 2024 04:49 PM
සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...!
මැක්ස් Friday, 05 April 2024 06:08 PM
ඇස ලොකු කරලා, කට උල් කරලා, අතේ ඇඟිලි උලුප්පලා බේගල් ඇද බාලා උතුරේ මිනිස්සුන්ව අන්දන්න මේ උන්දෑට බෑ වගේ. ඒ මිනිස්සු බැට කාලා තියෙනවානේ මෙයාගේ උතුරේ මොඩලය වන ප්‍රභාකරන්ගෙන්...!
ChathuriSaturday, 06 April 2024 01:05 AM
මැක්ස්. ඔයා කියන මේ ලක්ෂණ තියෙන්නේ ගොබ්බයින්ට සහ ගොබ්බයින්ට කඩේ යන අයට. සමහර්විට තමුන්. රෑනේ කෙනෙක් වෙන්නඇති බොරු නමක් දාගෙන. හොරුන්ට කඩේ යන්නේ... ඔයා වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැතිව ඇති... මොලේ කළඳක් නැති විදියට. අදහස් ලියන්නේ ඔයාගේ මොලේ නහර මැරිලද? මහඅයගේ වගේ. රටේ ජනතාව හොරුන්ට බනිනකොට මෙයා ඒ අයට කඩේ යනවා. මව් කිරිද බිව්වේ රබර් කිරිද. පොඩිකාලේ. දැන්නම් පුන්නක්කු...!