පෙරළිකාර ජයග‍්‍රාහන ලබා ගනිමින් අපරාජිතව ඉදිරියට එමින් සිටි අනුරාධපුර සොලිඞ් කණ්ඩායමට එරෙහිව අනපේක්‍ෂිත ප‍්‍රහාරයක යෙදුණු කුරුණෑගල පොලිකන්ස් කන්ඩායම මාළිගාපිටියේදී පැවැති අන්තර් සමාජ ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ගෝල 2.1ක ජයග‍්‍රාහකයන් වාර්තා කළේය.
ඒ වනවිට තරගාවලියේ ”බී” පෙරමුණ ගෙන පසුවූ සොලිඞ් ක‍්‍රීඩකයෝ තරග හයකින් හතරක් ජය ගෙන තිබුණි.
මේ අතර අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලට එරෙහිව වෙන්නප්පුව නිව්යංග් කණ්ඩායම ගෝල 2.0ක පහසු ජයක් ලැබීය. වෙන්නප්පුවේදී පැවැති මෙම තරගයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවූ බවද වාර්තාවේ. අප්කන්ටි‍්‍ර ක‍්‍රීඩකයන් විනිසුරු තිරණවලට අප‍්‍රසාදය පළ කරමින් හැසිරීමේදී ඔවුන්ට විනිසුරුවරයා දැඩි අවවාද හැඟවෙන කහ කාඞ්පත් හතරක් දී තිබේ. එහිදී නිව්යංග්ස් ක‍්‍රීඩකයෙකුද කහ කාඞ්පත ලබා තිබේ. අප්කන්ටි‍්‍ර එක් ක‍්‍රීඩකයකුට තරගය නිමවීමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණෙමින් සිටියදී විනිසුරු වෙතින් රතු කාට්පත ලැබූ බවද වාර්තාවේ.
කෙසේ වුවත් තරගයේ සත්කාරක ක‍්‍රීඩා සමාජයවන නිව්යංග්ස් ක‍්‍රීඩා සමාජය අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායමේ හැසිරීම් සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරමින් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලිපියක් යොමුකර තිබේ.
නිව්යංග්ස් කී‍්‍රීඩා සමාජ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ සිය ක‍්‍රීඩා සමාජ ආධාරකරුවන්ගේ ඉවසීම නිසා එදින තරගයේ ඇතිවන්නට ගිය ගැටුම්කාරී තත්ත්වයක් වළක්වා ගත් බවය.
තරගය නැරඹීම සඳහා අප්කන්ටි‍්‍ර ලයින්ස් ආධාරකරුවන් රැුසක්ද වෙන්නප්පුව ඇල්බට් ඔෆ්පීරිස් පිටියට පැමිණ තිබුණි.
තරග ප්රතිඵල :
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙලිකන්ස් පිලෙන් සොලිඞ්ට අනපේක්ෂිත ප‍්‍රහාරයක්
චර්මින්ද Wednesday, 26 June 2013 10:25 AM
කුරුණෑගල කොල්ලෝ සුපිරි වැඩකාරයෝ. මොන කණ්ඩායම ආවත් නොසැලී ඉදිරියටම යනවා. අපේ කොල්ලන්ට ජය පතනවා (නි)