IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  අධ්‍යයන  හා අනධ්‍යයන  සහායක කාර්යමණ්ඩලයේ නිලධාරීන් 963 දෙනකුට 2021 - 2022 වර්ෂ වලදී පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් තහවුරු කර ගැනීමෙන්  තොරව රුපියල් කෝටි 636 කට වැඩි වැටුප් හා දීමනා නීති විරෝධී ආකාරයට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන්  59 දෙනකුට කිසිදු අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසන් පර්යේෂණ වාර්තාවක් හෝ ලබා ගැනීමකින් තොරව රුපියල් අටකෝටි තිස්හත් ලක්ෂයකට වැඩි මුදලක් පර්යේෂණ දීමනා ලෙස ගෙවා ඇතැයිද එම  වාර්තාවේ  සඳහන් වේ.

මෙම නිලධාරීන්ට 2014 නොවැම්බර් මස 1 වැනිදා සිට 2022 අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇත්තේ පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව බවද  වාර්තාවේ දැක්වේ.

එසේම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි නිලධාරීන් නව දෙනකු සඳහා  පසුගිය වසරේ ජනවාරි මාසයේදී ජර්මනිය හා ඉතාලිය යන රටවල පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම වෙනුවෙන්  රුපියල් ලක්ෂ හැට හතක මුදලක් විශ්ව විද්‍යාල අරමුදලින් නීති විරෝධී ආකාරයට  ගෙවා තිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

දේශීය අරමුදල් යොදාගෙන කරනු ලබන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු වැඩසටහන්වලට සහභාගිවිය  නොහැකි බවට  චක්‍රලේඛයකින් දැනුම්දී තිබියදී මෙසේ මුදල් ගෙවා තිබූ බවද එහි දැක්වේ.

විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි තනතුරේ රාජකාරිය ආවරණය කිරීමේ පදනමින් පත් කෙරුණු නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියට ආයතන සංග්‍රහයේ හා චක්‍රලේඛයේ විධිවිධාන වලට පටහැනිව 2021 ජනවාරි සිට 2023 පෙබරවාරි දක්වා ඉන්ධන හා ප්‍රවාහනදීමනා ලෙස රුපියල් ලක්ෂ දහතුනකට වැඩි මුදලක්ද විනෝදාස්වාද දීමනා   ලෙස දෙලක්ෂ හැත්තැ දහස් හාරසීයක මුදලක්ද
ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් කථිකාචාර්යවරියක රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක බැඳුම්කරේ කඩ කර වසර හයකට වැඩි කාලයක් ගතවී තිබුණද එම මුදල අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන  වාර්තාව ඇය මෙලෙස ගිවිසුම කඩ කර තිබුණේ 2010 ඔක්තෝබර් 11 දින සිට 2016 ජුලි මස 27 දක්වා වූ ගිවිසුම් ගත කාල සීමාවේදී බවද සඳහන් කරයි.

වැටුප් රහිත නිවාඩු ලබා සිට හා සේවය හැර ගොස් සිටි පරිවාස කාලයේ පසුවන බැඳුම්කර කඩ කරන ලද කථිකාචාර්යවරුන්  සිවු දෙනකු සඳහා ලක්ෂ විසිඑකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා තිබූ බව  වාර්තාවේ දැක්වේ.

මේ අතර  ඉංජිනේංජිනේරු පීඨයේ පිහිට මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පාදම ඉදිකිරීම වෙනුවෙන් 2018 වර්ෂයේදී  එක්කෝටි පනස් නව ලක්ෂයකට වැඩි මුදලක් එම ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් ඊට වැය කෙරුණු මුදල්  නාස්තිවී ගොස් ඇතැයි  එහි සඳහන්වේ.

මෙම පාදම ඉදිකර තිබුණේ  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයකින් තොරව සහ අර පිරිමැස්ම කාර්යක්ෂමතාව විධිමත් බව හා අවංකභාවය යන කරුණු පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීමෙන් තොරව බව  වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



අදහස් (3)

’’පේරේ’’ 963කට ඇඟිල්ල නැතුව කෝටි 636ක් ගෙවලා

අමල් Friday, 19 January 2024 03:50 PM

පේරේ විතරක් නෙමෙයි, අනෙක් 16ත් ඔහොම තමයි... ආචාර්යවරු කවුද අවසන් පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ... විගණනය හරියට කරනවාද ඔයාලා...!

:       3       14

nimesh Friday, 19 January 2024 04:04 PM

ආ... ඕක මොකක්ද? රෝහල්වල වෛද්‍යවරු අතිකාල ගන්නේ ලක්ෂ ගණන් අඩු තරමේ ඇඟිලි සළකුණු කෙසේවෙතත් පැමිණීම පිටවීමවත් සලකුණු නොකර...!

:       7       11

ලයනල් Friday, 19 January 2024 08:57 PM

කිසිම විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් ටයිම් මැෂින්වල පැමිණිම පිටවිම සටහන් කරනවාද? මාස ගණන් නොපැමිණියත් පඩිය ගෙවනවා විගණනයට පොඩි හාල්මැස්සෝ අහුවුණාට පැමිණිම පිටවිම නැතිව මෙයාලාට පඩි ගෙවන හැටි විධිමත් කරන්න බැරිවුණානේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site