IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රා.සභාවල තරුණ නියෝජන සියයට 25ක් කිරීමට යයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 25ක් අනිවාර්ය වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එම ආඥා පනතේ දැනට පවතින සියයට 25ක කාන්තා නියෝජනය ද ආරක්‍ෂා වන පරිදි මෙම සංශෝධනය කිරීමට නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනයට අවස්ථාව සළසාදීම සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් ශ්‍රී දොලවත්ත මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතට සහයෝගය දක්වමින් මෙම පියවර ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (1)

ප්‍රා.සභාවල තරුණ නියෝජන සියයට 25ක් කිරීමට යයි

Bamunuarachchi Tuesday, 22 November 2022 06:38 PM

තරුනයා කියන තැනැත්තාගේ වයස් සීමාව අවරුදු 15-24 කාලයයි මේ ගොල්ලොද ප්‍රා.සභාවල කෙරෙන් වැඩ කටයුතු ගැන තීන්දු තීරණ ගන්න හදන්නේ? ඔය හදන්නේ ප්‍රා.සභාවල ජෙප්පෝ රින්ගවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site