IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර සාදන ලෙස ඉල්ලා ගැමියෝ පාරට බසිති

ගාල්ල වක්වැල්ලේ සිට ගිං ගඟේ ගංවතුර බාධකය මතින් තෙලිකඩ, පෝද්දල හා බද්දේගම දෙසට දිවෙන මාර්ගය පිළිසකර කැර දෙන ලෙස ඉල්ලා ගෝනපුර ගම්වැසියෝ අද ඒ මාර්ගය හරස්කරමින් පැය එකහමාරක පමණ කාලයක් විරෝධතාවක නිරත වූහ. මාර්ගයේ ජලය පිරුණු වළවල් හේතුවෙන් ගමනා ගමනය අනාරක්ෂිත බවත් බස් රථ වළක වැටී ප්‍රපාතයට පෙරළී යා හැකි බවත් ගැමියෝ කියති. කලකට ඉහත ශ්‍රී ලංකාවේ දිගම පාලම ලෙස හැඳින්වූ වක්වැල්ල පාලම ද මේ මාර්ගයේ ගිං ගඟ හරහා පිහිටා ඇත.

Wackwella 600



අදහස් (0)

පාර සාදන ලෙස ඉල්ලා ගැමියෝ පාරට බසිති

ආපාන්සු Monday, 08 September 2014 07:55 AM

මේ ගම බදුල්ලේ දිස්ත්‍රික්කයේ වුනානම්? (නදී)

:       0       0

වසන්ත Monday, 08 September 2014 08:03 AM

මම මීට අවුරුදු 35 කට කලින් මගේ බාල කාලය අම්මලා ගේ බද්දේගම මහ ගෙදර ගෙව්වා. ඒ කාලයේත් මේ පාරවල් මේ වගේ බව හොඳට මතකයි. ගංවතුර කාලෙට අපි මේ පාර අවට ඔරු පදින්න මාමලා එක්ක යනවා. කියන්න කනගාටුයි අපේ කෙස් සුදු වුනාට පස්සෙත් පාර එහෙමමයි . (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 09 September 2014 01:11 AM

නගරයේ විතරක් නොවේ, ගම්බද පාරවල්ද හදා ජනතාවට පහසුකම් සලසා දෙන්න ඕනෑ. බදුල්ලෙත් අපේ ගමට යන පාර අවරුදු ගණනාවක් තිස්සේ අබලන් වෙලා තිබුනා. මට මතකයි දවසක් යනවිට ගම්මුන් පාර මැද කෙසෙල් ගසක් හිටවලා තිබුනා. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 08:20 AM

ඔය එක පාරක් නෙමෙයිනේ පාර මැද වලවල් තියන. රටේ අස්සක් මුල්ලක් නැර බැලුවොත් ඔය වගේ දහස් ගානක් හොයාගත හැකියි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 04:17 AM

ලස්සන අදි වේගී මාර්ගයක්නේ. රටේම මාර්ග වල තත්වය ඕක තමයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 04:18 AM

අඩියකට ලක්ෂ 22 ගානේ කොටි ප්‍රකෝටි ගණනින් ගසා කන්න පුලුවන් නම් ඔය පාරත් කාපට් පාරක් වෙලා ඉවරයි. (නදී)

:       0       0

කරවිට Monday, 08 September 2014 09:10 AM

ඉසුරන්දි, වළවල් තියෙන පාරවල් ඕනෑ තරම් තියෙනවා. ඒත් මේ පාර තිබෙන්නේ ගඟේ බන්ට් එක උඩින්. දෙපැත්තටම බෑවුම.වාහනයක් අයිනට කරන්න ඉඩ නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 04:22 AM

මොකෝ ජීවත් වීමේ ආසාව ඉවර කරගෙනද පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්නේ. අනේ අම්මපා තවම මතක නැහැනේ වැලිවේරියේ පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණ මිනිසුන්ට බුලට් එකෙන් විසදුම දුන්න හැටි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 September 2014 04:25 AM

කන්න නැති වුනත්, බොන්න නැති වුනත්, අදින්න නැති වුනත් ඡන්දයක් තියන්නකෝ බලන්න. කට්ටිය උදෙන්ම ගිහින් කතිරේ ගහලා නැවත පත් කර ගන්නවා බලන්න. අපිට ලේ දෙන්න පුළුවන්. එ්ත් මොලේ දෙන්න බැහැනේ. (නදී)

:       0       0

සුනිල් Monday, 08 September 2014 10:49 AM

ඕන අනිවාර්යයෙන්ම කෙරෙනවා, මට විශ්වාසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site