( රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාරේ වී වේලමින් සිටි ගොවියා යතුරුපැදියට බිලි
udara Monday, 12 February 2024 11:02 AM
ගොවියා පිළිබඳ බලවත් ශෝකය. නමුත් මහා මාර්ගවල වී වේලන එක නම් හරිම කරදරයක්...!
ලුම්බිණි Monday, 12 February 2024 12:20 PM
හරිම දුකයි. වී වේලාගන්න පහසුකම් තිබුණා නම් මේ මනුස්සයා පාරේ වී දාන්නේ නැහැනේ....
Nimal Monday, 12 February 2024 12:27 PM
යතුරු පැදි කරු සියලු චෝදනාවලින් නිදහස් කර රස්තියාදු නොකර ගෙදර අරින්න.
පිටරටවැසියා Monday, 12 February 2024 12:37 PM
ගොවියා රජ කරවනවාය කියා පාලකයින් බලයට පැමිණි රටේ, එක වෙලාවකට ගොවියා වස බී නසී, තව වෙලාවකට ගොවියාගේ සියලු සේසත බැංකුවට සින්න වේ, එසේත් නැතිනම් මහමග නසී... කෘෂිකර්මාන්තයට නිසි ක්‍රමවේදයක් සහ අවම පහසුකම්වත් නොමැතිකම මේ සියලු දේට හේතුවේ. නමුත්, සැමදාම පාලකයින් ගොවි කරමතින් රජ පුටුවට...
චන්දන Monday, 12 February 2024 03:21 PM
දැන් ලංකාව පුරාම මේක ස්ටයිල් එකක් කරගෙන.. පාරෙ වී විතරක් නෙවෙයි මුං, කුරක්කන් වේලනවා. සම්පුර්ණ වැරැදියි අනතුරු වැඩියි. ගොවියන් ඉස්සර වී වේලුවේ කුඹුරේම තියාගෙන. අපි තවම කරන්නේ එහෙම... ලේසිය, පහසුව විතරක් බලලා මේ කරන වැඩේ නවත්වන්න ඕනෑ...!