කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිට මාර්ග බාධකය ඉවත් කිරීමට උසාවිය නියෝගයක් නොදෙන බව කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම මාර්ග බාධකය දැමීමට උසාවියෙන් අවසර නුදුන් නිසා ඉවත් කිරීමට ද උසාවි අවසරයක් අනවශ්‍ය බවත්, බැංකුවෙන් තීරණයක් ගත හැකි බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
බැංකුවේ පහළොස්වෙනි මහලේ කොන්ක්‍රීට් වහලේ කොටසක් කැඩී යෑමෙන් පසුව කොන්ක්‍රීට් කුට්ටි පාරේ බැංකුව පැත්තේ මන්තීරුවක තැබීමෙන් මෙම මාර්ග බාධකය ඉදි කර ඇත.
පාරේ අලුත්වැඩියා කිරීම සඳහා මෙම බාධක ඉවත් කරන ලෙස කොළඹ නගර සභාව ඉල්ලා ඇති හෙයින් උසාවි නියෝගයක් පතන බව බැංකුවේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
‘පාරේ බාධකය ඉවත් කිරීම බැංකුවේ වැඩක්‘
පාලිත Tuesday, 05 March 2013 10:05 PM
මාර්ග භාදක මොකටද දැන් (දී)
අජිත් Wednesday, 06 March 2013 10:28 AM
කොළඹ - දෙකටන පාරේ මුස්ලිම් පාසැලක් ඉදිරිපිට විශාල බංකරයක් තියෙනවා. වාහනවල යට වදිනවා.(නදී)
සුනිල්-මෙල්බෝර්න් Wednesday, 06 March 2013 01:23 AM
බැංකුව ඒවා අයින් කරගත්තේ නැත්නම් නගර සභාව කොහොමද පාර හදන්නේ. ඒක තේරුම් ගන්න බැරිද?(නදී)
චන්ද්‍රා Wednesday, 06 March 2013 02:13 AM
ලලිත්, පොඩිඩකට ලංකාවට එනවද මේක අයින් කරලා දාන්න. මට තනියෙන් අමාරුයි.(නදී)
උපුල් Wednesday, 06 March 2013 03:26 AM
ඒත් ඉතින් මිනිස්සු වැරදි කරන්නෙත් උසාවියෙන් අවසර අරගෙන නෙමෙයිනේ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලලිත් දෝහා Tuesday, 05 March 2013 06:37 PM
එහෙම කියලා කොහොමද? හැමෝම හැම දෙයක්ම කරන්නේ උසාවියෙන් අවසර අරගෙනද? පොදු වැඩ වලට බාධා කරන ඕන දෙයකට සුදුසු පියවර ගැනීමට උසාවියට නේ අයිතිය තියෙන්නේ.. අනේ මන්දා(නු)
ලලිත්-දෝහා Wednesday, 06 March 2013 12:42 PM
චන්ද්‍රා මම නම් ලබන සතියේ ලංකාවට එනවා. ඔයා උසාවියෙද වැඩකරන්නේ. එහෙනම් නගර සභාවට කියන්න අපි දෙන්නා එකතු වෙලා ඒක අයින් කරනවා කියලා.(නදී)
වරුණ Wednesday, 06 March 2013 07:30 AM
වැඩේ හරියට කරලා ඉක්මණින් මේක අයින් කරමු. නැත්නම් බිල්ලට යන්නේ පාරේ යන අහිංසක මිනිස්සු. (නි)
සනත් Wednesday, 06 March 2013 08:20 AM
පාරේ යන අහිංසක මිනිස්සු මරන්නෙ නැතුව ඉක්මණින් මේ වැඩේ ඉවර කරන්න. (නි)
සෙනරත් Tuesday, 05 March 2013 08:59 PM
පිස්සු හැදෙනවා වගේ මට නම්. දැන් එතකොට කවුද මේවා තිබ්බේ? (නි)