IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොරෝ පහර උණ්ඩෙන් වළකී

යාපනය පලෙයි උඩුතුරෙයිහිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කිරීමට ගිය බව කියන පුද්ගලයකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා කන්කසන්තුරේ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවකුට අත්අඩංගුවට ගැනීමට උඩුතුරෙයි ප්‍රදේශයට පොලිස් කණ්ඩායමක් ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පෑ බවත්, එක් සැකකරුවකු පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කරන්නට උත්සාහ කරද්දි ඔහුගේ අතට වෙඩිල්ලක් තබා එය වළක්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.



අදහස් (0)

පොරෝ පහර උණ්ඩෙන් වළකී

ලංකා Sunday, 24 May 2015 03:25 PM

කන්කසන්තුරේ පොලිස් ස්ථානාධිපතිට හා සෙසු නිලධාරීන්ට ලගදීම මාරු (බ)

:       0       0

නිහාල් Sunday, 24 May 2015 03:59 PM

දැන් පොරොව හරි ජනප්‍රියනෙ! (නි)

:       0       0

අජිත් Sunday, 24 May 2015 04:24 PM

පොලිසියට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

කුමාර Monday, 25 May 2015 06:01 AM

පසුගිය කාලේ මේවගේ වැඩ කිහිපයක් සිදු වුණා. එකවරක් ජනමාද්‍ය වේදීන් පිරිසක් යන වාහනයේ මත්ද්‍රව්‍ය තිබී ඇල්ලුවා. (ම)

:       0       0

කරුණාරත්න Sunday, 24 May 2015 05:34 PM

නීතිය සියල්ලන්ටම පොදුවිය යුතුය (නි)

:       0       0

ඇන්ටන් Sunday, 24 May 2015 05:33 PM

උතුරේ මිනිස්සු නීතිය විහිළුවට අරගෙන වගේ (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 24 May 2015 05:35 PM

ප්‍රශ්නයක් නැහැ. යහපාලනයනේ..! යහපාලනයේදී පොරෝ පහරක් කන්නත් ඉතින් පෙර පිනක් තියෙන්න ඕනෑ (නි)

:       0       0

නිලාන් Sunday, 24 May 2015 05:38 PM

කොටියාට යළි පණදෙන්න හදන්න නම් එපා (නි)

:       0       0

ධම්ම Sunday, 24 May 2015 05:40 PM

පොරොව දර පළන්න ගත්තේ ඉස්සර. දැන් ගන්නේ මිනිසුන් මරන්න. (නි)

:       0       0

රහීම් Sunday, 24 May 2015 06:09 PM

පොරොව තහනම් කළයුතු ආයුධයක් වෙමින් පවතී (නි)

:       0       0

සුරංග Monday, 25 May 2015 06:34 AM

ඡන්දෙන් පරාජයවුණ කට්ටිය කොහොමත් කැමතියි ප්‍රශ්න ඇතිවෙනවා නම්... (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 06:17 PM

ඔය පටන් ගන්නේ එක දෙක. මේකත් මහින්ද මහතා දේශපාලන වාසියක් ගන්න හදනවා කියලා සුපුරුදු කන්ණාඩිකාරයෝ කියාවි. අනේ නිදහස් කරගත් රටට මොකද වෙන්නේ? (නි)

:       0       0

සරත් Monday, 25 May 2015 06:45 AM

දැන් කොහොමද සනීප නේද යහපාලනය. මේවට වග කියන්න දිනු දේශය අනතුරේ කියන්නේ නිකන්ද ? (නදී)

:       0       0

සම්පත්-ඩුබායි Monday, 25 May 2015 06:49 AM

මේ සාමාන්‍ය දේවල් වලටත් අැයි අපි දේශපාලනේ ඈදා ගන්නේ. ජාතිවාදය අවුලන්න එපා. මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. නැතිවුණා කොටියට නෙමෙයි,පැරදුන මහින්දට පනදෙන්න එපා. (නදී)

:       0       0

නඩරාජා Sunday, 24 May 2015 11:34 PM

පොරෝ පහර දුන්නේ වැඩ අවුලුවාගන්නද? හමුදා චෙක් පොයින්ට් තිබීමේ වැදගත්කම පැහැදිලියි නේද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 24 May 2015 11:40 PM

මේ යොදා තිබෙන්නේ අවම බලයයි! උතුරේ දකුණේ කියා වෙනසක් නැත. නීතියට ගරුනොකරන කාට වුවත් එකම හැන්දෙන් බෙදිය යුතුය (නි)

:       0       0

වැකෝ Monday, 25 May 2015 07:41 AM

මෛත්‍රිපාල,රනිල්, මංගල ප්‍රශ්න විසදන්න දැන්. නැත්නම් ඡන්දේ දී මහජනයා නිසි පිලිතුරු දෙවි.(ම)

:       0       0

විජයබාහු Monday, 25 May 2015 07:45 AM

කට්ටියටම මාරුවීම් ලැබෙයි (ම)

:       0       0

නාමල් Monday, 25 May 2015 01:10 AM

මෙවැනි සිද්ධි හෝ මීට වඩා බරපතල ඒවා (අත්අඩංගුවට ගැනීමට ගිය පොලීසියට වෙඩි තැබීම වගේ ) දකුණේ වෙලා තිබෙනවා.මේක උතුරේ වුණා කියලා ජාතිවාදය ඇදලා ගැනීම හොඳ නැහැ. (නි)

:       0       0

රෙජි,සිඩ්නි Monday, 25 May 2015 01:34 AM

මේ මිනිසුන්ට මොනවාද මේ වෙලා තියෙන්නේ? නීතිය අතට අරගෙන ඇයි මේ විදිහට හැසිරෙන්නේ? (නි)

:       0       0

සඳුන් Monday, 25 May 2015 02:49 AM

දකුණේදී ඉස්සර වුණානම් පොලිසිය කළේ් කෙලින්ම වෙඩි තියලා මරණ එක. හැබයි ඒ කාලෙත් නැගෙනහිර වුණාම හමුදාවත් නිකන් ශේප් වුණා. අවම බලය නිසි ආකාරයෙන් පාවිච්චි කිරීමට පොලිසිය ටිකක් හෝ දැනුවත් වී ඇති බව පෙනෙනවා.(ම)

:       0       0

මනෝජ් Monday, 25 May 2015 04:09 AM

මේකේ අදහස් දක්වන සමහර අය යාපනයට මහින්දගේ කාලේ ගිහින් තිබුනා නම් ඔය කතාව කියන්නේ නැහැ. මම යාපනය ප්‍රදේශයේ රාජකාරි කළ අයෙක් විදිහට හොඳින්ම දන්නා කාරණයක් තමයි ඒ කාලෙත් ඔය වගේ දේවල් බොහොමයක් වුණා. මේක යහපාලනයෙවත් මහින්ද පාලනයෙවත් තියෙන වරදක් නොවෙයි. අපේ රටේ මේ වනතුරුත් රටේ මහා ජාතිය සුරක්ෂා කරන්න හරිහමන් අණපනත් ගෙනෙන්න කිසිම ආණ්ඩුවකට බැරිවුණා. ඒ අතරතුර රටේ සියලු සුළු ජාතින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත්තා. පුලුවන්නම් කියන්න කොටි අල්ලාගෙන හිටපු ප්‍රදේශවල පදිංචි කළ එක සිංහලයෙකුගේ නමක් මහින්දගේ කාලේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 25 May 2015 04:10 AM

ඩයස්පෝරාවේ කට්ටිය ඕකත් විකෘති කරලා පෙන්නයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site