IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 15 වැනිදා සලකා බැලීමට නියමිතය.

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා , පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ රටේ පවතින නීතියට අනුව අලි සම්බන්ධයෙන් කළමනාකරණ සැලැස්මක් සැකසීම පරිසර අමාත්‍යවරයාට හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවතියද , එවැනි සැලැස්මක් සැකසීමට ඔවුන් කටයුතු නොකරන බවය.වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 68 (අ) වගන්තිය ප්‍රකාරව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කළ හැකි බවත් , ඒ අනුව පරිසර අමාත්‍යවරයාගෙන් විමසා ජාතික සහ පාරිසරික ප්‍රතිපත්ති හා උපමාන වලට අනුකූලව වන ජීවීන් හා ඔවුන්ගේ වාස භූමි , ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කළ යුතුව තිබුණද ඔවුන් එම වගකීම් පැහැර හැර ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දේ.

එබැවින් වර්තමානයට ගැලපෙන ලෙසින්  අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් , පරිසර ඇමති සහ පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටි.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ , සවන්ති පොන්නම්පෙරුම , නිල්මල් වික්‍රමසිංහ යන නීතීඥවරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1649 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site