IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පෙරළිකාර ටොංගා පිලට සුපිරි අටදෙනා මග හැරෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (1 වැනිදා) පැවැති තරගයකදී ප‍්‍රංශ පිල ලකුණු 19 -14 කින් පරාජය කිරීමට ටොංගා පිල සමත් වූ නමුත් එය ගගට ඉනි කැපුවාක් මෙන් වූයේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට නොහැකි වූ බැවිනි. මෙම තරගය ටොංගා පිලට තීරණාත්මක තරගයක් වූ අතර එය අමතර ප‍්‍රසාද ලකුණක් සමගින් ජය ගත්තේ නම් තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 අතරට පිවිසීමට ඔවුන්ට අවස්ථාව තිබිණ. ටොංගා පිල වෙනුවෙන් කුර්ත් මොරාත් දඬුවම් පහර හතරක් සාර්ථක කර ගත් අතර සුකනයිවලූ හුෆන්ගා විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නා ලදී. අමතර ප‍්‍රසාද ලකුණක් සඳහා ඔවුන් මෙම තරගය උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වැඩියෙන් ලබාගනිමින් ජයගත යුතුව තිබිණ.ආබාධයක් හේතුවෙන් තරගයේ දෙවන අර්ධයේදී පිටියෙන් ඉවත් වූ දිමිත‍්‍රි යැක්විල් ප‍්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරවලින් හතරක් ම සාර්ථක කර ගත්තේය.



අදහස් (0)

පෙරළිකාර ටොංගා පිලට සුපිරි අටදෙනා මග හැරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site