IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැරිස් හමුවේ ගෝරි බේරන්න පැරිස් පොලිසිය කැඳවයි

දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසිය මැදිහත්ව සමථයකට පත්කර ඇති පුවතක් ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වේ.

පැරිස් මාධ්‍ය වාර්තා වලට අනුව දෙපාර්ශවය අතර අදහස් හුවමාරුව ගුටිබැටි හුවමාරුවක් දක්වා දුරගොස් ඇත.එය සමථයකට පත්කර ඇත්තේ පොලිසියයි.

පැරිස් නුවර අවන්හලකදී මෙම හමුව පැවැත්වී තිබෙන්නේ ජීනිවාහිදී සම්මතවූ ශ්‍රීලංකාව පිළිබද යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු වන සෙල්වන් අඩෙයිකලනාදන්,ජී.කවීන්ද්‍රන්,සහ එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රීවරු වන එන්.කේ.සිවාජිලිංගම්, සහ ගෝවින්දන් කරුණාකරන් මෙම හමුවට සහභාගීව සිට බව කියති.

හමුව පැවැත්වෙමින් තිබූ අතරවාරයේ අවන්හලට කඩාවැදී ඇති තරුණයින් 50 දෙනෙකුගේ පමණ සමන්විත කණ්ඩායමක් යුද අපරාධ විමර්ශනය කිරීමට අන්තර්ජාතික විමර්ශනයක් අවශ්‍ය බව කියමින් සිට,දැන් දේශීය යාන්ත්‍රණයකට කැමැත්ත පළ කරන්නේ මන්දැයි දෙමළ දේශපාලඥයින් පිරිසගෙන් විමසා ඇත.

ඔවුන් මෙසේ විදෙස් සංචාරයේ යෙදෙනුයේ තමන් ඇතුළු දෙමළ ඩයස්පෝරාව පක්ෂයට ලබාදෙන මුදලින් යැයි කියා ඇති තරුණ පිරිස දෙමළ ජතනාවගේ අරමුණු වලට පටහැනිව කටයුතු කරන බව කියමින් දේශපාලඥ පිරිසට චෝදනා කර තිබේ.

 



අදහස් (0)

පැරිස් හමුවේ ගෝරි බේරන්න පැරිස් පොලිසිය කැඳවයි

සේරම් පැරිස් Monday, 12 October 2015 08:42 AM

ලංකාවේ සාමය සංහිදියාව ඇති උනොත්, ආර්ථික වාසි තකා දේශපාලන රැකවරණ ගැනීම බැරිවන නිසා සිදුවන කටයුතු මේවා. (ර)

:       0       0

නුවන් Monday, 12 October 2015 03:51 AM

ලංකාවම කනවා. ඔවුන් අපහු ලංකාවට ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. (ස)

:       0       0

චන්දා Monday, 12 October 2015 10:36 AM

හරි හරි ලොකු දෙයක් නොවෙයි නම් අපිත් කලබල නොවී ඉන්නම්කො. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 03:55 AM

දේශපාලකයෝ ජනතාව රවටන තරමට පැරිසියේදී අවුල දුරදිග ගොස් නැත. පැරිසියේ සිට ලංකාව දිහා බලාගෙන් ගහගන්නේ නැතිව ඇවිත් කතා කර ගත්තොත් නරකද? (ම)

:       0       0

ධම්ම Monday, 12 October 2015 05:13 AM

ගණන් ගන්න එපා කාපු බීපු වෙලාවට කරන කියන දේ ගැන.(බ)

:       0       0

ෆාරා Sunday, 11 October 2015 02:11 PM

ආවට පාසේ කොහෙද තොපි ගියේ අපේ රටේ ප්‍රශ්න විසදන්න පිට බල්ලන්ට පුළුවන්ද කියල ඕකුන්ට නෙලන්න ඕන අයෙත් පිට එවුන් ළඟට නොයන්න. (බ)

:       0       0

සල්ගාදු පැරිස් Sunday, 11 October 2015 04:49 PM

මේවා ලොකුවට අරගෙන අපි බියවන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 11 October 2015 06:16 PM

ශ්‍රී ලංකාව ඇතුළෙදි බැරිනම් පිටරටකදී හරි මේ "නැති ප්‍රශ්නෙට" විසඳුමක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති මෙම මැරබලය අවන්හලට කඩා වැදුනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 October 2015 06:55 PM

අළු යට තිබෙන ගිනි පුපුරු හා සමාන ත්‍රස්ත ක්‍රියාකාරීන් මුළු යුරෝපයයේම බලා සිටිනවා වෙලාව එනතුරු ලංකාවට වින කිරීමට (නි)

:       0       0

කමල් Sunday, 11 October 2015 07:53 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 11 October 2015 09:21 PM

ඕක තමයි කොල්ලනේ ඇත්ත. අන්තිමට උඹලත් පරාදයි අපිත් පරාදයි. දෙපැත්තේම දේශපාලකයෝ අපිට හිනාවෙනවා. හැමදාමත් මේක තමයි වුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site