IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැරිස් බක්මහා උළෙල විචිත්‍රයි

ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතික සංවිධානයේ  26 වැනි බක් මහා උළෙල පැරීසියේදි නිමාවිය. සංවිධානයේ නව සභාපති  ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ අධ්‍යක්ෂක  රංජිත් කුලතුංග, ප‍්‍රංශයේ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති රුවන්සිරි විතානගේ, හා නගර සභා ක‍්‍රීඩා අංශය බාර නිලධරයෝ පිළිවෙළින් සංවිධානයේ, ශ්‍රී ලාංකික හා ප‍්‍රංශ ධජ ඔසවා උළෙල ආරම්භ කළහ. අවුරුදු රබන් හඬ මැද්දේ දෙගුරුන් හා වැඩිහිටියන් නැමදල කැවුම්, කොකිස්, කිරිබත් සංග‍්‍රහ සමග අවුරුදු චාරිත‍්‍ර සිදුකැරිණිග ජාතික ක‍්‍රීඩා ඇතුළත් තරග 44 කින් සමන්විත මෙවර උළෙල අවසානයේ පැරීසියේ සරසවි රංඟ කලායතනයේ දරුවෝ ද ආචාර්ණි සුසිලා මල්ලිකාආරච්චි, දමිත‍්‍රි පීරිස්ගේ කලායතනයේ නර්තන සිසුහු ද සංස්කෘතික සංදර්ශනයක් සමග කැරෝකේ සංගීත සැදැවක්ද පැවැත් වුහ. සංවිධානයේ වැඩිම වාර ගනනක් සභාපති ධුරය දැරූ ඉන්ද්‍රකුමාර මාකේවිට, හා කලා කටයුතු වලින් සංවිධානයට මෙහෙයක් සිදුකළ අනුර කතලූව මහතාටද විශේෂ තිලිණයන් ප‍්‍රදානය කැරිණිග ප‍්‍රංශයේ වැඩ බලන තානාපතිනිය ස්වර්ණා පෙරේරා මහත්මිය, කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය ආචර්ය නීතිඥ කොඞ්ලින් වෛද්‍යරත්න සංවිධානයේ ස්වර්ණා කුලතුංග හා අනුර කතලූව යන මහත්ම මහත්මින් බක්මහ උළෙලේ ප‍්‍රධාන විනිශ්චය මඩුල්ල නියෝජනය කළහ.
         බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට වැඩිපුර  ධනය වැය කල ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ ආයතනය ඇතුළු අනුග‍්‍රහාකයන් දැක්වුවන් අතර නේෂන් ට‍්‍රස්ට් බැංකුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා ලංකාදීප එසැණ, ඉරිදාා ලංකාදීප පුවත් පතටද පොලිස් පරිපාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක, බස්නාහිර පලාත භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පි. පි පතිරණ මහතා හා රංජිත් අබේරත්න මහතාටද බක්මහ උළෙල සාර්ථක කර ගැනීමට ආධාර, උපකාර හා සහභාගි වූ සියලූ දෙනාටමද සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටින බව සංවිධානයේ මාධ්‍ය හා ප‍්‍රචාරක කටයුතු භාර රොහාන් දයාදර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසුවේය.

 

 



අදහස් (0)

පැරිස් බක්මහා උළෙල විචිත්‍රයි

කළුපහන Thursday, 16 May 2013 08:29 PM

රෝහන්ත, එංගලන්ත ජාතිකයා ලංකාව යටත් කරගන්නත් එක හේතුවක් තමා නැපොලියන් අධිරාජ්‍යයා.ඒක නිසා ප්‍රංශ ජාතිකයෝ ලංකාව ගැන දන්නේ අපි මෙහෙට එන්න කලින්. හොද දේ අගයන්න පුරුදු වන්න . (නි)

:       0       0

ෂාෆික් Wednesday, 15 May 2013 03:54 PM

සේරම් පැරිස් , මම හිතුවා මේ වගේ අවස්ථාවක ගුටි කෙල ගන්නේ මැදපෙරදිග අය විතරක් කියා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 15 May 2013 04:02 PM

දැන් වැඩකරන්න අලුත් කොල්ලෝ ඉන්නවා. අපිට තියෙන්නේ මග පෙන්වන්න (නි)

:       0       0

ධම්ම Wednesday, 15 May 2013 04:09 PM

රෝහන්ත ද සිල්වා නොකියා කියන්නේ ප්‍රංශයේ මිනිසුන් ලෝකය ගැන නොදන්නා මොට්ටයෝ කියලාද? (නි)

:       0       0

කුමාරි Wednesday, 15 May 2013 11:36 AM

දේශීය දේ අගය කිරීම හොඳ ගුණයක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 May 2013 11:47 AM

මැයි මාසයේ අවුරුදු උත්සව පවත්වන්නේ කොහෙද?(නදී)

:       0       0

සුසිල් Wednesday, 15 May 2013 04:26 PM

රෝහන්ත ද සිල්වා, ඔයා තමයි ප්‍රංශකාරයෝ ගැන නොදන්නේ. ඔයාගේ දැනුම ගැන අපිට දුකයි. ඔයා දන්නවද මීට අවුරුදු සියයකට එහා ප්‍රංශකාරයෝ රුවල් බෝට්ටු වලින් ලංකාවට ගියා කියලා. යුරෝපයේ යටත් විජිත යුගය ගැන පොතක් හොයාගෙන කියවන්න. (නි)

:       0       0

අනුර Wednesday, 15 May 2013 12:05 PM

හරිම ආඩම්බරයි. හැබැයි ‍මේක අප්‍රියෙල් වල කළා නම් තමයි ගොඩක් ලස්සන. 2014 දී අප්‍රි‍යෙල් වල කරන්න ‍හොදේ (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Wednesday, 15 May 2013 04:36 PM

බොදු බල සේනා ගිහිල්ලා නැද්ද ? ඉන්නම ඕනෑ කට්ටිය . අපරාදේ ? (නි)

:       0       0

රෝහන්ත ද සිල්වා Wednesday, 15 May 2013 12:14 PM

ප්‍රංශේ මිනිස්සු "ශ්‍රී ලංකා" කියනකොට දන්නෙවත් නැහැ ඒ වගේ රටක් තියෙනවද කියලා. අපේ කට්ටිය දැක්කම කළු හම හින්දා හිතන්නේ ඉන්දියාවෙන් කියලා. අපිව සත පහකට ගණන් ගන්නේ නැහැ. අපි ඇවිල්ලා දුප්පත් තුන් වැනි ලෝකෙන් ආපු කුලී කම්කරුවෝ හැටියට තමයි ගණන් ගන්නේ. ඕවා කෙරුවා කියලා "මහා ලොකු අභිමානයක්" නෙමෙයි එන්නේ, ලැජ්ජාවක් (නි)

:       0       0

මනෝහරන් Wednesday, 15 May 2013 12:32 PM

ගොන් නාම්බෝ.

:       0       0

අරවින්ද Wednesday, 15 May 2013 12:36 PM

හබි වේදිකාවට නැගල ඉන්නේ බොරුවට වංචාවට අදිපති කට්ටිය.(ස)

:       0       0

බණ්ඩාර Wednesday, 15 May 2013 12:50 PM

අප්‍රේල් සීතල නිසා කරන්න අපහසුවෙනවා. අපි ඉන්නේ ප්‍රන්සේ හරිම ලස්සන අවුරුදු උත්සවය නව සභාපතිතුමාට ස්තුතියි. (ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 15 May 2013 12:58 PM

කෝ සෙනග නැනේ.. (ස)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Wednesday, 15 May 2013 11:46 PM

අප්‍රේල් අවුරුදු උත්සවේ තියාගන්න බැරි සංවිධානය මොකටද? (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 15 May 2013 01:24 PM

අන්තිම පින්තුරේ ඉන්නේ "අව්රුදු" කුමාරියො වෙන්න ඇති නේ?(නදී)

:       0       0

අශෝක Thursday, 16 May 2013 12:30 AM

අපේ පදිංචිය පැරිසියෙන් ගොඩක් දුර​ නිසා එන්න අපහසු වුණත්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් මොන රටක හෝ අපේ සංස්කෘතිය​ විදහා දැක්වෙන මෙවන් දේ ගැන ආඩම්බර විය යුතුයි. ඔබලාට ඊලඟ වසරේ මීටත් වඩා සාර්ථකව කරගැනීමට හැකි වේවා! රෝහන්ත ද සිල්වා මහත්මයෝ, අපි ගැන​ නොදන්න අයට අපේ රට ගැන , අපිටත් මෙහෙම සංස්කෘතියක් තියෙනවා කියලා පෙන්වන්නත් එක්ක මෙහෙම දේවල් කරන අයට​ ස්තුති කරන්නවත් පුරුදු වෙන්න​. (නි)

:       0       0

ලක්සිත Thursday, 16 May 2013 01:04 AM

කෝ තියෙනවාද

:       0       0

ලක්සිත Thursday, 16 May 2013 01:07 AM

මමත් හිටියා. හරිම හොදයි. ජය වේවා, ඔබ සැමට! (නි)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 01:40 AM

අර හාමුරුවෝ නංගිලාගේ නැටුම් දැකලා තුෂ්නිම්භුත වෙලා වගේනේ ඉන්නේ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 15 May 2013 02:01 PM

රොහාන් ද සිල්වා, අපිට ඔයා ගැන දුකයි. ඔයාගේ අධ්‍යාපනේ වැරැද්ද හොදට ඉගෙනගන්න ඔයා (නි)

:       0       0

මහේෂ් Wednesday, 15 May 2013 02:06 PM

අරවින්ද ඔබලා වගේ උපාසකයෝ ලංකාවේ ඉපදුනේ පෙර පිනකට උඹලට වේදිකාව ලගට වත් එන්න බැරි වුනානේ. ඒ ගැන දුකයි. ලබන පාර උත්සහ කරන්න.(නදී)

:       0       0

ගර්මිනි Wednesday, 15 May 2013 02:11 PM

සිංහල සංවිධානයට න්ව්දනෙට පන ඇවිල්ල වගේ.(නදී)

:       0       0

නිරංජන් Wednesday, 15 May 2013 06:25 PM

රෝහන්ත ද සිල්වා ඔබ කියන තරම් ප්‍රංශයේ අය කලු ජාතිකයින්ට අපහාසාත්මකව සලකනවානම් අද බලන්න පැරීසියෙ ඉහල තැන් වල වැඩි හරියක් ඉන්නෙ කලු ජාතිකයන්. සමහර විට කුලී කම්කරුවෝ හැටියට ඔබගෙ හාම් පුතා ඔබට සලකනවා ඇති ඒ කුලී කම්කරුවෙක් නිසා වෙන්න ඇති. නමුත් 1983 සිට අපි නම් දැකලා නැහැ සිංහල අය පැරිසියෙ කුලී කම්කරුවන් හැටියට වැඩ කරනවා.  තමන්ගෙ නූගත් කමක තරම පල්ලෙහයින් පෙරෙනවා කියන්නෙ ඕකට තමයි.(නදී)

:       0       0

විකී Wednesday, 15 May 2013 02:23 PM

අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටමයි මඩ ගහන්න හදන්නේ (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 03:13 PM

පැරිසියේ සිදුවූ මෙවර අලුත් අවුරුදු උත්සවය ගුටි කෙල ගැනිමකින් තොරව ඉවර උන එකට අප එක සිතින් ස්තුති කරමි. මෙය පටන් ගත් දවසේ සිට අවුරුදු 20 කට පෙර හැම දාම මෙය නිම වුයේ ලොකු ගුටි කෙල ගැනීමකිනි. දැන් එය බොහෝ දෙනෙක් තේරුම් අරන් වගේ. පැරිස් වල වාසය කරන සිංහල අයට මෙවර අවුරුදු උත්සවය ඉතා ඉහලයි.(නදී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 03:18 PM

ප්‍රංශයේ මිනිසුන් ශ්‍රී ලංකාව ගැනත් සිංහලයන් ගැනත්, දමිළයන් ගැනත් හොඳ අවබෝධයක් තියෙන අය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site