පැරිසියේ කොටි නායකයා වූ නඩරාජා මතින්දරන් හෙවත් බාරතී හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකාව හවුල් යැයි ප්‍රංශයේ පැරිසියන් පුවත්පතේ පසුගිය 13 වැනිදා පළ වූ වාර්තාව අසත්‍ය බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රංශ පුවත්පත්වලට ප්‍රකාශ කලේය.
එම පුවත්පත කියා ඇත්තේ පැරිස් කොටි නායකයා මරා දැමියහොත් යුරෝ 50000ක් හෙවත් රුපියල් 86 ලක්ෂයක් සමග ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයක් සපයන බව ප්‍රහයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග හිතවත්කම් පවත්වන කෙනෙකු යෝජනා කළ බව එම පුවත්පතේ පළ කැර තිබිණි.
මෙම වාර්තාව සැපැයූ ස්ටෙෆන් සෙලාමි මාධයවේදියා හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ද ආචාර්ය දයාන් කියයි.
කොටි සංවිධානයට සම්බන්ධ ආයතනයක් වන දෙමළ සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා වූ බාරතී වෙඩි තබා මරා දැමුණේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ප්‍රංශ පොලිසිය ඒ දිනවල ප්‍රකාශ කළේය.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින දෙමළ තරුණයන් දෙදෙනා හ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ප්‍රශ පොලීසියට එවැනි ප්‍රකාශයක් කර නැති බව ද ආචාර්ය ජයතිලක කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැරිස් පුවත්පතක් බොරු කියලා
අසේල Sunday, 18 November 2012 06:52 PM
ඉතිං දැන් මොකක්ද වෙන්න ඕනෑ? (නි)
අසේල Sunday, 18 November 2012 07:10 PM
දැන් මොනවද තියෙන ප්‍රශ්න? (නි)
කැටවල Monday, 19 November 2012 12:59 AM
අපේ රට ගැන මෙහෙම කියන එක ලොකු වැරැද්දක්. (නි)
අජිත් Monday, 19 November 2012 07:17 AM
කොටින්ට උඩගෙඩි දෙන එක තවම නවත්තලා නෑ වගේ (ස)
චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:32 AM
ඒ කතාව බොරු නම් ඔප්පු කරලා නඩු දාන්න අවශ්‍යයි නේද? (නි)
කුමාර Monday, 19 November 2012 03:10 PM
මේවා ඔයතරම් වටින්නේ නෑ නේද (ස)
රානි Sunday, 18 November 2012 04:14 PM
අයියෝ සල්ලි
ලලිත් Sunday, 18 November 2012 04:57 PM
මේ මරණය ඔහුට සැප වැඩියි (ස)