IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පෙත්සම විසිවෙයි

(රන්ජන් කටුගම්පොළ)

තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ‍ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේ පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින්ය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,ළුස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

මෙම පෙත්සමේ වගුත්තරකරුවන් හැටියට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

දැව තෙල් නිෂ්පාදන සමාගමක බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් මිලියන දහයක අල්ලස් ලබා ගන්නා ලදැයි චෝදනා කරමින් තමන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇප මත මුදා හරින ලද බව පෙත්සමේ සඳහන්ය.

කිසිදු පදනමක් නොමැතිව නීතියට පටහැනි අන්දමින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටි.

එබැවින් මෙම  පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද වන්දි ලබාදෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පෙත්සම විසිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site