IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිසරයට වින කටින වාහන අල්ලයි

(තිලකරත්න දිසානායක)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය අධික දුම පිට කරමින් මහමග ධාවනය කෙරෙන වාහන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී මහමග ධාවනය වෙමින් තිබු මෝටර් රථ 65 ක් පරීක්ෂාවට ලක් කිරීමේදී අධික කළු දුම සහිත වාහන 20 ක් හදුනාගනු ලැබීය.

මෙහිදී වායු විමෝචන අංශයේ නිලධාරියෙක් සදහන් කර සිටියේ, අධික දුම පිටවීමෙන් සිදුවන පරිසර හානිය වලකා ගැනීම සහ මින් අධිකව ඉන්ධන දහනය වීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම මෙම පරීක්ෂාවේ අරමුණ බවය.

දැනට එවන් වාහන යථා තත්ත්වයට පත් කර ගැනීමට උපදෙස් ලබාදීම සිදු කෙරෙන අතර ඉදිරියේදී නිසි ලෙස සකස් කර නොගන්නා වාහන සදහා තහනම් නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.



අදහස් (5)

පරිසරයට වින කටින වාහන අල්ලයි

ගුනේ Thursday, 10 November 2022 07:45 PM

අමතර කොටස් නැතුව වාහනයක් නඩත්තු කරන්නේ කොහොමද කියල කියන්න?

:       0       6

Shantha Thursday, 10 November 2022 09:32 PM

අවුරුද්දකට සැරයක් දුම් වාර්තා අරගෙන ලයිසන් දෙන රටේ මෙච්චර වාහන ඇල්ලුවේ කොහොමද?

:       0       5

Perera Friday, 11 November 2022 03:27 AM

ඔය නීතිය රජයේ වාහන වලට අදාළ නැද්ද?දුම් දාගෙන යන පොලිස් ජීප් සී.ටී.බී බස් ඕනතරම් පාරේ දැකලා තියනවා

:       0       5

Roshan Friday, 11 November 2022 05:52 AM

බොරු ෂෝ දාන්නේ නැතුව සී.ටී.බී බස් ටික බැලුවානම් හොඳ නැද්ද ඒවා දුම් කෝච්චි වගේ

:       0       5

චමින්ද Friday, 11 November 2022 06:19 AM

ඇත්තටම ඒවාට වාර්ෂික ආදායම් බලපත්‍ර දෙන්නෙ කොහොමද සොයන්න සමහර විට දුම්සහහික ගන්න දවසේ සයිලංසරයට වතුර විදගෙන එන නිසාද සොයන්න තවත් අහන්න දෙයක් තියෙනවා ගමනාගමන මණ්ඩලයේ වාහන වවලින් පිටවෙන දුමෙන් වරදක් වෙන්නෙ නැත්තෙ කොහොමද කියලා ඕවා පරීක්ෂා කරන අයගෙන් අහන්න කැමතියි

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site