IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැරිසියේ මහ ගෙදරට කොහා පමාවෙයි

ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල ලබන ඉරිදා (14)  පැරීසියේ කළාප අංක 20 හි පිහිටි ලූවි ලූමියෙර් ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට නියමිතය.

 බක්මහ උළෙල අවසානයේ  සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වෙන බව   සභාපති රංජිත් කුලතුංග (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂක) මහතා කීවේය.

IMG_5535



අදහස් (0)

පැරිසියේ මහ ගෙදරට කොහා පමාවෙයි

රොහාන් දයාදර පැරිස් Friday, 05 June 2015 04:19 PM

ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙලට මගේ මේ උණුසුම් සුභපැතුම් !!! (කේ)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Saturday, 06 June 2015 08:09 AM

සජාන් බෝට්ටුවලින් ආවත් කොහොම ආවත් මේ යුරෝපෙට ඇවිල්ල ඉන්න සේරම හොරෙන් ආපු අය තමයි. ඔයා ආවේ නීතානුකුලවද ?අනික එ්ක මේ සිංහල අවුරුද්දට ගාවගන්න ඕනි නැහැ නේද ? (නදී)

:       0       0

සජාන් Friday, 05 June 2015 07:24 PM

බෝට්ටු වලින් ඉතාලිය හරහා ප්‍රංශයට පැනපු අය දැන් අලියෝ වෙලා. අපි මේවා ගැන දැනගත්තේ ලංකාදීප ඔන් ලයින් පුවත් පතට පින් සිද්ධ වෙන්න. (නදී)

:       0       0

ස්වර්ණමාලි සිංහල සංගමයේ ලේකම් Saturday, 06 June 2015 10:52 AM

ගුනේ අයියා යුරෝ දෙකක් අය කරනවා. ඒක නැත්නම් ගෙදර ඉන්න. අපි කඹ ඇද ගන්නම්. කොට්ට පොරත් ගහන්නම්. පොලුත් ගාන්නම්. ඔයා ගෙදර ග්‍රීස් ගහේ නගින්න. නැත්නම් අපේ ගෙදර ගහක් තියෙනවා.(නදී)

:       0       0

බණ්ඩාර Friday, 05 June 2015 09:08 PM

ඕක ලබන අවුරුද්දෙම තිබුණා නම් හරිනේ .... (නි)

:       0       0

පුෂ්පසිරි Saturday, 06 June 2015 12:15 PM

වැඩක් කරන කෙනෙකුට කරන්න දෙන්න. යුරෝ 2 දෙන්න බැරිනම් ගෙදර ඉන්න.(නදී)

:       0       0

රොහාන් Saturday, 06 June 2015 12:46 PM

වසන්තයේ සැණකෙළිය ඉතමත් සුන්දර දවසක් මේ එන්නේ. අපි අපේ යාලුවෝ එකතු වෙලා ආගිය තොරතුරු කතා කරලා විනෝදෙන් ගතකරන අවස්ථා වක් සංවිධයක මණ්ඩලයට සහ රංජි්ත් මහත්තයට ගොඩක් ස්තුතියි. (නදී)

:       0       0

ස්වර්ණමාලි Sunday, 07 June 2015 09:38 AM

සිංහල සංගමයේ සියලු දෙනාටම අපේ ගෙදර ගහේ නගින්න පුළුවන් . ඊට පස්සේ ගහ කපල දානවා. මදැයි මෙච්චර කල් ගස් නගින්න දුන්නා. ලන්ඩන් වලත් ගහක් තිබ්බා. ඒක කපල තමයි මෙහෙ අාවේ. ඊට පස්සේ බනිස් කෑම තරඟය තියන්නයි මගේ බලපොරෝතුව.(නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Saturday, 06 June 2015 12:49 PM

සජාන්, පැරිසියට අවේ නැහැ ඉතාලියට බෝට්ටුවෙන් ආපු අය. ඉතාලියත් පැරිසියත් අතරේ ලොකු වෙනසක් තියනවා. මෙහි සිටින්නේ උගතුන්, ධීවරයන් හෝ පාතාලයන් නොවේ (නදී)

:       0       0

රොහාන් Sunday, 07 June 2015 10:11 AM

වසන්තයේ සැණකෙළිය ඉතාමත් සුන්දර දවසක් මේ එන්නේ. අපි අපේ යාලුවෝ එකතුවෙලා ආගිය තොරතුරු කතාකරලා විනෝදෙන් ගතකරන අවස්ථා‍වක්. සංවිධයක මණ්ඩලයට සහ රංජිත් මහත්තයට ගොඩක් ස්තුතියි.

:       0       0

අවන්ත Saturday, 06 June 2015 03:30 PM

මේ පාරවත් හොඳ අවුරුදු උත්සවයක් බලන්න පුළුවන් වෙයිද? (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Saturday, 06 June 2015 04:23 PM

ඉහත ප්‍රතිචාර අනුව ඉතාලිය ගැන වැරදි වැටහීමක් ඇතිවෙනවා.ලෝකයේ බොහෝ රටවලට නීතිවිරෝධී ක්‍රම මඟින් සංක්‍රමණය සිදුවෙනවා.ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් අතුරින් බෝට්ටු වලින් පැමිණි පහත් සමාජමය මට්ටමේ ප්‍රතිශතය 1% ටත් අඩුයි.මෙහි ජීවත්වෙන වැදගත් බහුතරයට ඉහත ප්‍රතිචාර බලපාන්නේ නැහැ.අපි නම් කවදත් පැරිසියේ සිදුවෙන පොදු කටයුතු වලට සුබ පැතූ අය හැටියට මේ කටයුත්තටත් සුබ පතනවා (නි)

:       0       0

විනීත් Saturday, 06 June 2015 05:17 PM

මෙහෙමහරි කරන එකනේ වටින්නේ (නි)

:       0       0

ජයන්ත Saturday, 06 June 2015 01:44 AM

බණ්ඩා, එහෙමම කියන එක හරි මදි. යම් ප්‍රායෝගික ප්‍රශ්න ඇති. ඒ අයට පමාවෙලා හරි මේ වගේ දෙයක් කරන එක හොඳයි. මගේ මතකය නිවැරදි නම් ගිය අවුරුද්දෙත් මේක තිබුනේ පමාවෙලා (නි)

:       0       0

විජේතුංග Saturday, 06 June 2015 05:57 PM

පමාවෙලා හරි කරන එක ලොකු දෙයක් (නි)

:       0       0

පබිලිස් Saturday, 06 June 2015 11:56 PM

ස්වර්ණමාලි නංගී,ඔයාලගෙ ගෙදර ගහේ හැමකෙනාටම නගින්න දෙනවද? රංජි ඵහෙම කිවුවෙ නැහැනේ.... (නි)

:       0       0

සුදර්ශන Sunday, 07 June 2015 12:02 AM

සල්ගාදු මහත්තයා, උගතුන් ඉන්නවා කියලා අපි දන්නවා අර මියුසිකල් ෂෝ වල උගත්කම පෙන්වන ජාඅැල පැත්තෙ කට්ටිය නැතුව... (නි)

:       0       0

රොහාන් Saturday, 06 June 2015 04:42 AM

මේ වගේ දේවල් කරන්න ඉදිරිපත්වෙන එකත් පුදුමයක්. අපි ලංකාවේදී කරන්න ගියා. පුදුම දුකක් වින්දේ. කියන්න පහසුයි, කරන්න ගියාමයි තේරෙන්නේ තියෙන දුෂ්කරතා. මේ වගේ මිනිසුන්ට උදව් කරන්න ඕනෑ. (නි)

:       0       0

ගුනේ Saturday, 06 June 2015 05:28 AM

ඇතුළත් වෙන්න සල්ලි ගන්නවාද? එහෙනම් අපිට ගෙදර ඉන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site