IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැරීසියේ තරු තරගයෙන් එංගලන්තය ජය ගනී

ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය විසින් සංවිධානය කැරුණු පැරීසියේ තරු සැදෑව තරගයෙන් එංගලන්තයේ සිට පැමිණි ප‍්‍රශාන් දිද්දෙනිය දිනා ගත්තේය. ඔහු ප‍්‍රංශයේ ඉපැදී ප‍්‍රංශයේ මුලික අධ්‍යාපනය ලැබු පැරීසියේ කලාප අංක 20ට අයත් රජයේ සංගීත හා කලා ආයතනයක (කොන්සර්වෙර්තුවා) වසර 07 ක් පමණ විවිධ බටහිර නැටුම් ප‍්‍රගුණ කළේය. ඔහු එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය හදාරයි.

ගීත ගායනා, නර්ථන, ආදියෙන් සමන්විත කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ලෙස වයස අවුරුදු 16න් ඉහළ හා පහළ  තරග ගණනාවක් පැවැත් විණි. එම තරග වලින් පහත සදහන් තරග කරුවන් අනුපිළිවෙළින් ජය ගත්තේය. කනිෂ්ඨ අංශයේ නර්තන පාරමි විතානගේ, සොනාලි රාජපක්ෂ, ෂෙහානි ප‍්‍රනාන්දු එම අංශයේ ගායනයෙන් ෂෙරායා මෙන්ඩිස්, ෂෙහානි සමරකෝන් හා ෂෙහාන් සමරකෝන් ජේෂ්ඨ අංශයේ ගායනය සරත් කුමාර, දුමින්ද ප‍්‍රනාන්දු ඉෂානි පෙරේරා එම අංශයේ නර්තනයෙන් ප‍්‍රශාන් දිද්දෙනිය ලහිරු ප‍්‍රභාෂ්වර, නිලන්ත කුමාර ජනප‍්‍රිය තරුව ලෙස ෂෙහානි ප‍්‍රනාන්දු කනිෂ්ඨ අංශයේ දක්ෂයා පාරමි විතානගේ විශේෂ දක්ෂතා ලහිරු ප‍්‍රභාෂ්වර කනිෂ්ඨ නැටුම් කණ්ඩායම් තරගයෙන් රවිනා පීරිස්, ෂෙහානි ප‍්‍රනාන්දු, ස්ටෙෆන් කොඩිප්පිලි, සමුරදිනි මාර්ටින් ප‍්‍රථම ස්ථානයත් ලෙආ වර්ණකුලසුරිය, ඔනෙලි පුංචිහේවගේ, මාර්ටින් කුල්ටොන්, නිලියා රාමනායක, දෙවැනි ස්ථානය හා රවිත් අහංගමගේ අමන්දා පෙරේරා තෙවන ස්ථානයත් දිනා ගන්නා ගත්හ.       

පැරීසියේ පවත්වන ලද මෙම විශිෂ්ට සැදෑවට ශ්‍රී ලංකාවේ ඉරිදා ලංකාදීපයේ ප‍්‍රධාන කතෘ ආරියනන්ද දොඹගහවත්ත ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ  නර්තන හා නාට්‍ය කලා පීඨයේ පිඨාධිපති මහාචාර්‍ය ආරියරත්න කළුආරච්චි, ඉසුරි රාමනායක, ජයශ්‍රී වාදක කන්ඩායමේ රෝහිත ජයලත්, මංගල වික‍්‍රමආරච්චි යන මහත්ම මහත්මීහු ප‍්‍රධාන ඡුරිය නියෝජනය කළහ.

නේෂන් ට‍්‍රස්ට් බැංකුව , සියෙල් ලංකා සංචාරක ආයතනය, ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ සමාගම දැක්වු සහයෝගය ප‍්‍රසංඟය සාර්ථක කර ගැනීමට විශාල දායකත්වයක් සැපයීය. ප‍්‍රංශ ලංකා සංවිධානය ප‍්‍රමුඛ විවිධ සංවිධානද, කැමරා ශිල්පි රොශාන් ප‍්‍රනාන්දු, ඩිල්හාන් මෙන්ඩිස් , අතුකෝරාල ,  බුවෙනක සිල්වා , රොෂාන් කිරිඇල්දෙනියගේ, ජොනතන් කළුආරච්චිගේ, ඔෂද කිරිදිආරච්චිගේ  රොෂාන් වර්ණකුලසුරිය , ධම්මික මිගෙල්ලආරච්චි,චන්න ගුණසේකර, හේවින්ද කළුආරච්චිගේ, එච්.ඒ ෂිපින් සමාගමේ අධ්‍යක්ෂක ජෙගනාතන් , ප‍්‍රසංඟ සිල්වා, ඬේමියන් පීරිස් , අජන්ත කල්දේරා, තුෂාරි ප‍්‍රනාන්දු , රෙවානි අල්විස් ,රෝසි ද සිල්වා, නාරද විජේසුරිය චමින්ද ඇතුලූ චායා වෛබ්‍රේෂන් ගායක කණ්ඩායම , පොලිස් පරිපාළන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක  හා ලංකාදීප එසැණ  වෙබ් අඩවියටද තුති පිරිනැමිණි.

 



අදහස් (0)

පැරීසියේ තරු තරගයෙන් එංගලන්තය ජය ගනී

ලේක්කෝ ගලබඩ Thursday, 04 July 2013 03:40 PM

මයික් එක තියාගෙන නාරද මෙතනත් අඬනවද?(නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 July 2013 05:48 PM

හාරිච්ච, බෝරිච්චි කම්බිකුරු බූල මාල ඒ අතට මේ අතට අඟර දඟර සරුම්බෝල.(නදී)

:       0       0

තුෂාර Thursday, 04 July 2013 02:43 PM

පැරිසියේ දෙන තරු වෙහි වෙහල,කඩේකට යන්නවත් බැහැ. (ත)

:       0       0

රාජා Saturday, 06 July 2013 02:21 PM

කොරින් මැඩම් සුභ දවසක්, ගුවන් ටිකට් විකුණන හැම අතරමැදියකුටම ඔය වගේ අතපසු වීම් වෙනවා සමහරු තම ව්‍යාපාර වසා දමනවා, හැංගෙනවා.ව්‍යාපාර ශ්‍රේස්ත්‍රය තුල ඔහොම තමයි. ඇයි සෙලාන් බැංකුවට මොකද වුනේ, ඇයි සක්විති, මෙයා එහෙම නෑනේද ? දම්මික තවම හොඳින් වියාපාරය කරගෙන යනවා. ඉතින් පරිස්සන් වෙන්න අවශද ? (අ)

:       0       0

කොරීන් Friday, 05 July 2013 01:09 PM

මේ මොකද ධම්මික වේදිකාවේ උඩට පැන් කාවඩි දානවාද නැට්තම් මේ පාරත් හොර එයා ටිකෙට් විකුනන්නවද ලංකාවට යන්න පව් මල්ලි තාත්තලා කිව්වල්ල්ලු ....පරිස්සමෙන්.....ඔයාල (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site