භාෂා 65කින් කියැවිය හැකි බෞද්ධ වෙබ් අඩවියක් "www. PINSIRI .Com" ප‍්‍රංශයේ පැරිස් අගනුවර ජේතවනාරාමයේ දී විවෘත විය. ජේතවනාරාමාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇරැඹූ මේ වෙබ් අඩවියෙන් විසිහතර පැයේම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා,පිරිත්, බොදු ගී ඇසිය හැකි බව ඒ හිමියෝ කියති.
ප‍්‍රංශයේ ඉම් ලකුණ වන අයිපල් කුළුනද වෙනත් දර්ශනීය ස්ථාන ද දැක බලාගැනීමටද මේ වෙබ් අඩවියෙන් අවස්ථාව සැලැසේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පැරිසියෙන් පැය විසිහතරේ බොදු වෙබ් අඩිවියක්
නිරාන් Monday, 27 August 2012 11:12 AM
සාදු ....සාදු...සාදු.!!(ස)
උදයංග Monday, 27 August 2012 11:13 AM
හොඳ වැඩක් ,ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙය හේතු වාසනා වේවා.!..(ස)
කුරුවිට Monday, 27 August 2012 11:40 AM
ලෝකවාසී සියළු දෙනාගේම දැනගැනීම පිණිස භාෂා 65 කින් පලකිරීම ගැන අපි ගොඩාක් සතුටුයි .ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි...(ස)
මනෝහරන් Monday, 27 August 2012 11:41 AM
දැන්නම් සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. මම බයේ හිටියේ..(ස)
රුවන් Monday, 27 August 2012 11:46 AM
සාධු.සාධු.. සාධු.. ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරයට අපගේ නමස්කාරය.(ස)
ජයන්ත Monday, 27 August 2012 12:48 PM
කෝ සිංහල භාෂාව නැද්ද ..(ස)
ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 12:45 PM
බුදු දහම මුලු ලෝකයටම පතුරුවන්න ඔබ වහන්සේට දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබේවා ! (ස)
විරාජ් Monday, 27 August 2012 02:30 PM
ගොඩක් සතුටුයි. සාදු...සාදු....සාදු !!! අපේ බුද්ධ ධර්මය ලොව පැතිරේවා...(ස)
නදුන් Tuesday, 28 August 2012 01:46 PM
සාදු සාදු සඟ රුවන වඳින්ටයි..(ස)
සෝමපුර Tuesday, 28 August 2012 06:52 AM
ස්වාමින් වහන්සේට බොහොම පින්! (නි)
සෝමපුර Tuesday, 28 August 2012 06:53 AM
විශිෂ්ට කටයුත්තක්. (නි)
මුලනේ ගුණානන්ද හිමි Monday, 27 August 2012 05:30 PM
මේ ලොව්තුරු දහම ගැඹුරු වූ (ගම්භීරො) වටහා ගැනීමට දුෂ්කර වූ (දුද්දසො) අවබෝධ කරගැනීම පහසු නොවූ (දුරනුබොධො) ශාන්ත වූ (සන්තො) ප්‍රනීත වූ (පනීතො) තර්කයෙන් දත නොහැකි වූ (අතක්කාවචරො) පණ්ඩිතයන් විසින්ම දතයුතු වූ (පණ්ඩිත වේදනීයො) දුර්ලභ දහමකි.එවන් වූ දහමක් භාෂා 65 කින් සන්නිවේදනය කරන්නට මූලිකත්වය ගත් අතිගරු නායක මාහිමිපාණන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)
ගාමිණී Monday, 27 August 2012 10:54 AM
ඉතාම හොද වැඩක්