රත්නපුර කැරෝකේ සමාජ ශාලාවක් වැටලූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාගේ පවුල් පිටින් මරා දමණ ලෙසටත්, මිනී පෙට්ටි ලෑස්ති කර ගන්නා ලෙසටත් ගාල්ලේ දුරකතන කුටියකින් දුන් මරණ තර්ජනයෙන් පසුව ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් සලසා ඇත.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි අද සිටම එම ආරක්ෂාව දී තිබේ.
පොලිස් ආරක්ෂාවට හිමිකම් තිබුණත් ඔහු මෙතෙක් එම ආරක්ෂාව ලබාගෙන තිබුණේ නැත.
දුරකතන කුටියකින් දෙන ඇමතුමක අංකය සටහන් වුවත් ඇමතුම දුන් තැනැත්තා සොයා ගැනීමට ලේසි පහසු නොවන බව කියති.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රිෂාන්ත ජයකොඩිට ආරක්ෂාව
ටිකිරි Thursday, 25 April 2013 09:44 PM
මිනී මරුවන් පළාත් සභා වල ඉන්න රටක සාධාරණ පුරවැසියන්ට ඉඩක් නැහැ.(නදී)
දීපිකා Thursday, 25 April 2013 11:07 PM
මහත්තයෝ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම දැලි පිහියෙන් කිරි කනවා හා සමාන වැඩකි. එවිට සිද්දවන්නේ විශ්‍රාම වැටුපත් නැතුව ගෙදර යාමටයි. එමනිසා පරිස්සමින්. (නදී)
නිමල් Thursday, 25 April 2013 03:50 PM
අරයගේ කෙනෙක්ද?(නදී)
මාලක Thursday, 25 April 2013 04:04 PM
කැරොකේ එකට බලපත්‍ර නැත්නම් බලපත්‍රයක් ගත්තා නම් ඉවරනේ.මේ මිනිස්සුන්ට කරදර නොකර.බලපත්‍ර නොගන්නේ බදු ගෙවන්න වෙන නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද.... (නි)
අසේල Thursday, 25 April 2013 04:06 PM
මෙතුමාට ආරක්ෂාව දෙනගමන්ම මේ සමාජ ශාලාව පවත්වන්න බලය දුන් දේශපාලු බළල් හස්තය සොයා දුවන්න කියා වෙඩි තබන්න. රටේ අනාගත දරුවන්ගේ සුබ සිද්ධිය තකා මෙය කරන්නාවූ කෙනෙක් ඇත්නම් මාගේ ප්‍රණාමය. (නි)
ලංකා Thursday, 25 April 2013 04:25 PM
මහත්තයෝ, බය වෙන්න එපා ඔය තර්ජන වලට. (නි)
සදරුවන් Thursday, 25 April 2013 05:30 PM
වැඩි කලක් සැඟවිය නොහැක. එනම් හිරු එලිය සඳ එලිය සහ සත්‍යය. (නි)
ෂෙරිෆ් Thursday, 25 April 2013 05:44 PM
කියන්න කණගාටුයි. අපි අද ජිවත්වෙන්නේ දුෂිත සමාජයක. වයස පහ හයක පොඩි දරුවෙක්ව තනියෙන් පාසැල් යවන්නත් බයයි. රටේ නීති පද්ධතිය අයාලේ ගිහින්. දිනෙන් දින අපරාධ රැල්ල වැඩිවෙනවා. කොහේ බැලුවත් තර්ජන, මිනීමැරුම්, දුෂණය,කොල්ලකෑම් පළිගැනීම් ඉහල යමින් පවතියි. (නි)
මුණසිංහ Friday, 26 April 2013 07:20 AM
ප්‍රිශාන්ත ජයකොඩි විරුවාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා! සමන් දෙවිදු පිහිටයි! (නි)
පෙරේරා Thursday, 25 April 2013 06:14 PM
මැර දේශපාලන ක්‍රමයේ අතුරු ප්‍රතිපල මේවා. චන්දය දෙනකොට මොලය පාවිච්චි කරන්න මිනිසුනේ. (නදී)
බ්‍රයන් Thursday, 25 April 2013 06:23 PM
පොලිසියටට් පොලිස් ආරක්ෂාව දෙන්න වෙලා නම් නම් අනේ අපේ රට කොහාටද?(නදී)
සතිස් Thursday, 25 April 2013 07:58 PM
වාස් ගුණවර්ධන මහත්තයා රත්නපුරේ ඉන්නකොට ඕක තිබුනේ නැද්ද? (නදී)