මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා පියවර ගෙන තිබේ.
“මේ වයිරසය නිසා අපි ඉන්නේ යුද්ධයක” යැයි ද ඔහු සඳහන් කළේය. ජනපතිවරයා මේ බව පැවැසූවේ, ඊයේ සවස රූපවාහිනීයේ සජීවී ව ප්‍රකාශයක් ලබාදෙමිනි.
ඒ අනුව, ආහාර හෝ බෙහෙත් ද්‍රව්‍ය මිලදීගැනීමට වැනි අත්‍යවශ්‍ය ම දෙයකට හැර නිවාසවලින් පිටතට නොයා යුතු බව ජනපතිවරයා අවධාරණය කළේය.
නිවාසවලින් ඕනෑම හේතුවක් මත පිටතට යන පුද්ගලයකු වේ නම්, ඔහු අන්තර්ජාලය ඔස්සේ විශේෂ පෝරමයක් පුරවා දිය යුතු බවද, එසේ නැතිනම්, පොලිසිය විසින් අයකරනු ලබන ස්ටර්ලින් පවුම් 34.60ක(රුපියල් 7832ක) දඩ මුදලකට යටත්විය යුතු බවද මැක්‍රෝන් මහතා පැවසීය.
මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 5,437 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. 127දෙනෙකු මියගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම්